නැවුම් වූ බෝවන රෝගයන් හි අතීත මතක.

Subscribe Us

නැවුම් වූ බෝවන රෝගයන් හි අතීත මතක.

                            

නැවුම් වූ බෝවන රෝගයන් හි අතීත මතක.


                 පෘතුගීසීන් ලංකාවට පැමිණ සිංහල රාජධානිය තමන් සන්තක කර ගැනීමට යුද්ධ කරන කල්හි.ඒවාට ‌නොබියවම මුහුණ ‌දීමට අපේ මුතුන් මිත්තන්ට හැකිවුණා.මේ කාලෙ තමයි 1580 දී පමණ ලංකාවට වසූරිය බෝ වුණේ. මන්නාරම් කොටුවේ පරංගීන් ගේ රැකවරණය යටතේ සිටි කරලියද්දේ බණ්ඩාර සහ බිසව මේ වසූරිය රෝගය නිසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන්ය. ලංකාවෙ මුහුදු කරය විදේශිකයන් ‌ගේ ආධිපත්‍යට නතුවන්නට ඉඩ හැර සිංහල රජුන්ට උඩරට දුර්ග වල සිය රාජධානි පිහිටුවාගන්නට සිදු වූයේ රජ පවුල තුල ඇති වූ බල අරගල නිසාවෙනි.පසුව 1766 දී මුහුදේ සිට ගව්වක ප්‍රමාණයක් ලන්දේසි කොම්පඤ්ඤයට පවරා දීමට ගිවිසුම් ගැසීම නිසා ස්ථීරවම මුහුදුකරය අහිමි වුණා..‌මේ කාලෙදි රට ආර්ථික වශයෙන් ‌බොහොම දුර්වල වන්නට ආරම්භ වුණා.ලුණු ලේයාවල් වල තිබෙන ලුණු පවා උඩරටට ලැබුණේ නැහැ.තොතරම් දුෂ්කර තත්වයක් යටතේ වුවත් සිංහල රාජ්‍යය රැක ගත්තද විදේශිකයන් ගේ පැමිණීම වලක්වන්නට හැකිවූයේ නැත.  මේ කාලයේ මුහුදුකරයේ පළාත් වල ඉන්දියාවෙන් ජනයා ගෙනත් පදිංචි කරන ලද්දේ ලින්දේසීන් විසිනි. දකුණු ඉන්දියාවෙ මේ වෙන කොට වසූරිය රෝගය දරුණුවටයි තිබුණේ. මේ ලෙඩත් අරන් රෝගීන් ලංකාවට පැමිණියා.

               


‌     1697 දී පමණ දෙවන විමලධර්මසූරිය රජුට සිය මාළිගාව හැර යන්නට පවා සිදු වුණා.මේ යුගයේ මන්නාරමට ගෙනත් පදිංචි කරන ලද කේරළ වැසියන් නිසා නැවතත් වසූරිය උඩරට රාජධානියට පැතිරුණු බව විශ්වාස කළ හැකිය.වසූරිය පිටිපස්සෙන් පැමිණි ජුසේ වාස් නම් කොන්ගානි ජාතික ක්‍රිස්තියානි පූජකයෙකු උඩරට වැසියන් ක්‍රිස්තියානියට හරවා ගන්නට මේ රෝගය සුව කරන දේව මෙහෙයන් පවත්වනු ලැබූ බව දැක්වේ. ඔහුද ඒම රෝගයෙන් පීඩා විඳි නමුත් මිෂනාරි ව්‍යාපරය දිගින් දිගටම පවත්වාගෙන යමින් රෝගීන්ට උවටැන් කොට තිබෙ.මේ නිසා රජු ඔහුට විශේෂ වරප්‍රසාද ලබා දී තිබේ.

       වර්ෂ 1796 න් පසු ලන්දේසීන් සතු පළාත් ඉංග්‍රීසීන්  භාරගත් පසු විහාල වශයෙන් දකුණු ඉන්දියාවෙන් ජනයා ගෙනත් පදිංචි කරතිබේ.මේ ජනයා සමග වසූරිය සහ කොළරා වසංගත පැමිණි බවට වාර්තා රාශියක් ඇත.ඉන්පසු 1815 න් පසු උඩරට රාජධානියද ඉංග්‍රීසීන් ට භාරවුණි. අනතුරුව ඇති කළ ප්‍රතිසංස්කරණ නිසා රටේ සමාජය දුර්වල වී තිබේ. ‌සේවා සැපයීම අඩාල වුණි.‌මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වසූරිය ‌මෙන්ම මැලේරියාවත් වේගයෙන් ගම්වල පැතිරුණු බව දක්වා තිබෙනවා.මෙවැනි වසංගත දෙයියන්ගේ ලෙඩ වශයෙන් හඳුන්වා එම රෝගීන් සමාජයෙන් දුරස්තර කරලීමට ජනය පෙළඹුණා. කැලේ පැලක් සාදා රෝගියා ඒහි ගොස් තැබූ බවයි සඳහන් වන්නේ.

    1805 දී වසූරිය වසංගතය නැවතත් උග්‍ර වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහයන්ටත් මේ රෝගය වැළඳී තිබෙන බව සඳහන්ය. නමුත් රජුගේ වෙදනාවන් එයට ප්‍රතිකාර කොට ඔහු සුවපත් කර ඇත.ඒ කාලෙ ගම්වල සිංහල ‌වෙදකම ‌බොහොම සාර්ථකව ක්‍රියාත්මවුණා. ‌බෝ වන ‌රෝග ‌නොහොත් ‌දෙයියන්ගෙ ‌ලෙඩ පාලනය කරගන්න ‌වෙද මහත්වරු තමන් දන්න දැනුමින් අලුත් ඖෂධ ‌හොයා ගත්තා.ඉන් එක ඖෂධයක් තමයි දිව්‍ය රාජ ගුලිය. ‌මේ ගුලිය තමන්ගේ හිණ බැඳ යෑමෙන් ‌ලෙඩ ‌රෝග ‌බෝවන්නේ නෑ.‌ගෙයි උඩලිපතේ තැබීමෙන් නිවසට ‌‌රෝගය පැමිණීම වලක්වනවා. ගමේ හතර ‌කොණ ‌මේ ගුලිය වළ ලෑමෙන් ගමට පැමිණීම වළක්වනවා.මාතර පැත්තේ දෙවිනුවර රාජගුරු මුදියන්සේ රාළහාමි නම් වෛද්‍යවරයෙකු  ද්‍රව්‍ය ගුණ විඥාණය පිළිබඳ සිය දැනුම භාවිත කොට පීත කරෝසන ගුලිය නමින් ඖෂධයක් සාදා වසූරිය ලෙඩුන්ට ලබා දී තිබේ.මෙම ඖෂධයන්හි බෙහෙවින්ම රස බෙහෙත් අඩංගු බවයි පෙනෙන්නේ.රසදිය සාදිලිංගම් පාසානම් වගේ සැර බෙහෙත් සමග දේශීය ශාක ඔසු යොදා ගනිමින් කල පර්යේෂණ බොහොමයි.මේ ගුලි මීපැණියෙන් මෙන්ම විෂ්ණු ක්‍රාන්ති යුෂයෙන්ද අඹරනු ලැබුවා.මෙහි තිබෙන වැදගත් ම අංගය නම් ඔවුන් ගේ රෝග විනිශ්චයයි.

       දොස් දෙකින් ත්‍රිදෝෂයෙන් හා ආගන්තුක වශයෙන් වසූරිය නවයක් වූ බව දක්වා ඇත.උණ ගැනීමය. ලේ වැසීමය.ඇඟ වියළීමය.සන්ධි ඇරීමය ඇඟ ලොමු ඩැහැ ගැන්මය ඇසේ ඉසේ ලෙඩ ප්‍රතිශ්‍යා යන්න මෙහි පූර්වරූපයන් බව දක්වා තිබේ.වාතයෙන් වූ කල්හි  ඇඟ රුජා ද පිතින් වුව දාහ ඇති වී වහා පැසීමද කඵයෙන් නොහොත් සෙමෙන් වුව ඉක්මනින් පැසෙයි. කඩුචි සහිත වෙයි. මෙම අවස්ථාවන් සාද්‍ය වෙයි. සුව කල හැකිය. ත්‍රි දෝෂයෙන් වූ කල්හි බලවත් වේදනා ඇතිවෙයි. අසාධ්‍ය වෙන බවද දක්වා තිබේ.ආගන්තුක වූ කල්හි ත්‍රිදෝෂයෙන් වූ ලක්ෂණම ඇති වෙයි.සියලු වසූරිකාවට සෙම් පිත් විරේක කරවීමද ලේනහර විද ලේ හැරීමද වමන කරවීමද සිදු කළ යුතු යැයි දක්වා තිබේ.ඉන්පසු විවිධ කෂාය මගින් යටකී වසූරිකා ගුලි ලබා දීම කරති.එයින් කෂාය දෙකක් මෙසේය.

වැල්මී කොහොඹ පොතු කකාරා පෙවීම

ත්‍රස්තවාලු සුණු මී පැණියෙන් දී විරේක කිරීම

ඉ ගුරු තිප්පිලි කොහොඹ දුම්මැල්ල කොට්ටන් කොත්තමල්ලි නෙල්ලි කසාය කර මී පැණියෙන් දීමෙන් වසූරි අටක් ගූන දෙන බවද මෙම වට්ටෝරු වල දක්වා තිබේ.


‌          දහනව වන සියවසේ මුල් භාගයේ සිට ඇරඹි මෙවැනි උත්සාහයන් ඉංග්‍රීසි ආණ්ඩුව වුවමනාවෙන්ම වළක්වන ලද බවද සැළකිය යුතුය.ඒ යම් යම් තහංචි ඇති කිරීමෙන්. කංසා තහනම ඉන් එක් අවස්තාවක්..වර්ෂ 1798  එඩ්වඩ් ජෙනර් ගව වසූරිය ( සැර බාල කරන ලද චීන ගව වසූරිය වෛරසයක්) ලබා දීමෙන් රෝගියාට ප්‍රතිශක්තිකරණය ඇතිවීමේ අවස්තාවක් ලබා දෙන ලදී. 1886 දී ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රතිශක්තිකරණ පනත මගින් සෑම දෙනෙකුටම ඒන්නත් ලබා දීමට නියෝග කර ඇත. ඉන් පසු 1949 දී ක්ෂය රෝග එන්නතද  1961 දී ගල පටල එන්නතද  1962 දී මුඛ පෝලියෝ එන්නතද 1963 දී නවජ දරුවන්ට බී.සී.ජී. ඒන්නත ආදී වශයෙන් ඒන්නත් රාශියක්ම හඳුන්වා දී ඇත. සරම්ප සහ රුබෙල්ලා වැනි රෝග සඳහා ද එන්නත් ලබා දීමෙන් මනුෂ්‍යා සදා සුරක්ෂිතයයි යන හැඟිමක් මේ මගින් ලෝකය පුරාවටම  ඇති කර තිබේ. ඇමරිකාවේ කරන ලද නොයෙකුත් අත්හදා බැලීම් නිසා ජානමය එන්නත් පවා අද නිෂ්පාදනය වෙයි. එම නිසා ඇමරිකාවේ චීනයේ සහ රුසියාවේ විද්‍යාගාර පැරණි වෛරස ක්ෂුද්‍ර ජීවින් ගබඩා කොට නෙයෙකුත් අත්හදා බැලීම් සිදු වෙයි. කෙරෝනා යනුවෙන් අද පිටවී ඇතිතේ එම විද්‍යාගාර වලින් නිකුත් වූවක්ය යන්න දැන් කතාබහට ලක් වී ඇත. කෙසේ වුවත් ඒ මගින් ලෝකයම අද අනතුරට පත් කොට තිබෙන්නේ එන්නත් මගින් ඇති කරන ලද ප්‍රතිශක්තිකරණය මිත්‍යාවක් ලෙස බැහැර කරලමිනි.

          ‌ජෙනර් ‌ගේ එන්නත ලංකාවේ මිනිසුන්ට විදින්නට පටන් ගෙන ඇත්තේ රජයේ නියෝග මගිනි. ඉන් පසු පාසලකට ඇතුල් වන විට එම එන්නත අනිවාර්ය කරන ලදී. අපේ සිරුරේ තිබෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණය කුමක්දැයි වැටහීමක් බටහිර සෞඛ්‍ය අංහ වලට නොමැති බව පසක් වී තිබේ. විවිධ රස කාරක කෘතිම ආහාර නිසා සීඝ්‍රයෙන් මේ ප්‍රතිශක්තිකරණය අහිමි වී යමින් පවතින බව නිසැකය.

නමුත් අදටත් එදා මෙන්ම අපේ සිංහල ‌වෙද මහත්වරු ‌මේ වන විටත් පාරම්පරික වට්ටෝරු වලින් නව ‌බෙහෙත් ‌මෙන්ම පැරණී ‌බෙහතේ අත්හදා බලමින් සිටින බව දැක්වේ. ඉන්  එක ප්‍රතිකාරයක් තමයි ඔසු වැරටිය යෙදීම.මින් ශ්වශන අපහසුතා මගහැරේ.නියුමෝනියා තත්වයන් පාලනය වේ. ඉඟුරු කොත්තමල්ලි වලින් විෂ්ණු ක්‍රාන්තිය පත්පාඩගම් වලින් රටේම ජනතාව තුළ ප්‍රතිහක්තිකරණය ඇති කරන්නට හැකියි. ඒ සමගම කළ යුත්තේ හඳුනා ගත් රෝගීන් ඉතා ඉක්මනින් සුවපත් කරලීමයි. එයට දේශීය මෙන්ම බටහිර ප්‍රතිකාරද එකවර යෙදීමෙන් සාර්තක ප්‍රතිපල අත් කර ගත හැකිය. ජනතාව බලවත් සේ බියට පත් නොකර  මේ පියවරයන් වෙත යා යුතු වනවා නිසැකයි.

Post a Comment

0 Comments