Subscribe Us

ඔබ VPN App එකක් භාවිත කල යුත්තේ ඇයි?

ඔබ VPN App එකක් භාවිතා කළ යුත්තේ ඇයි?

VPN App එකක් භාවිතා කරන්න ඕනේ ඇයි කියලා කතා කරන්න කලින් අපි බලමු VPN එකක් කියන්නෙ මොකක්ද කියලා? 






ඇත්තටම VPN App එකකින් කරන්නේ ඔබගේ දුරකථනය හෝ පරිගණකයේ ඇති දත්ත Encrypt මාර්ගයක් හරහා අන්තර්ජාලයේ ඔබ  පහසුකම් ලබා ගන්නා ස්ථානයකට යොමු කිරීමයි. උදාහරණයක් විදිහට හිතන්න ඔබ ඔබගේ දුරකථනය හරහා මුදල් හුවමාරුවක් සිදු කිරීමට ඔබගේ Banking App එක භාවිතා කරනවා කියලා.  එහිදී ඔබගේ දුරකථනය සහ Banking App එක සම්බන්ධ වන Servers  අතර සම්බන්ධතාවය Encrypt කරපු මාර්ගයක් හරහා සිදුකිරීමට VPN App එක වග බලා ගන්නවා. මෙහිදී ගුණාත්මක VPN App එකක් නම් ඔබගේ සම්බන්ධතාවය Encrypt  කිරීමට අමතරව අන්තර්ජාලයේ ඔබගේ අනන්‍යතාවය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමද  සිදු කරනවා.




එහෙනම් දැන් අපි බලමු ඇයි VPN එකක්  භාවිතා කිරීමේදී වාසි.


VPN App එකක් භාවිතා කිරීමේ ප්‍රධානම වාසිය වන්නේ ඔබගේ දත්ත  ආරක්ෂා කර ගැනීමට හැකි වීම සහ අන්තර්ජාලය පාවිච්චි කරන ඔබගේ අනන්‍යතාවය සහ රහස්‍යභාවය ආරක්ෂා කර ගත හැකි වීමයි.


අප අන්තර්ජාලය භාවිතා කරන විටදී එම සේවාව සපයන සමාගම් වලට, අප අන්තර්ජාලය තුලදී  කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සෑම තොරතුරක්ම ලබාගැනීමට ක්‍රමවේද තියෙනවා. ඉතින් ඔබ හිතනවා නම් Web Browser එකේ Incognito Mode/Private Browsing භාවිතා කරලා අන්තර්ජාලයේ සැරිසරන ඔබගේ රහස්‍යභාවය හා අනන්‍යතාවය ආරක්ෂා කර ගන්න පුළුවන් කියලා ඇත්තම තත්ත්වය ඒක නෙවෙයි. ඉතින් මේ වගේ තැන්වලදි තමයි අපට  VPN App එකක සහයෝගය ලබා ගන්න පුළුවන් වෙන්නේ.


තවත් එක් කාරණයක් තමයි ව්‍යාපාරවල නිරත වෙන බොහෝ දෙනෙක් අඩු වැඩි වශයෙන් තම දුරකථනය හෝ පරිගණකය  භාවිතා කරනවා මුදල්  ගනුදෙනු සිදු කිරීමට.  සමහර අය ලේසිය නිසා හෝ නොදැනුවත්කම නිසා Cofee Shop  වල තියන අන්තර්ජාල පහසුකම එහෙම නැත්නම් Internet Cafe වල අන්තර්ජාල පහසුකම් ලබා ගන්නවා. ඉතින් මෙවැනි ස්ථාන වල ඇති අන්තර්ජාල පහසුකම් වල ආරක්ෂාව පිලිබදව සැහීමකට පත් වෙන්න බැහැ. මෙවැනි ස්ථාන වල සේවාව ලබා ගන්නා ඔබගේ දත්ත, තොරතුරු ඉතා ලේසියෙන් අන් පුද්ගලයන්ට ලබා ගැනීමට (හොරකන් කරගැනීමට) පුළුවන්කම තියනවා. ඉතින් ඉහත සදහන් කළා වගේ ඔබ VPN App  එකක් භාවිත කර අන්තර්ජාලයට සම්බන්ද වෙන්නේ නම් මෙවැනි ස්ථාන වලදීද ඔබගේ ආරක්ෂාව සහ රහස්‍යභාවය ආරක්ෂා කර ගත හැකි.



ඇත්ත වශයෙන්ම ඔබ VPN App එකක් භාවිතා කරන්නේ නැත්තං ඉහත සදහන් කළ ස්ථානවල දී එවැනි ගනුදෙනු නොකිරීමට වගබලගන්න කියල මම යෝජනා කරනවා. 


බොහොමයක් මිලදී  ගත හැකි VPN App හරහා  ඔබගේ සියලු උපකරණ වල ආරක්ෂාව එක වර  තහවුරු කර ගත හැකි වනවා.  මෙහිදී ඔබගේ උපකරණ එකිනෙකට වෙන වෙනම මෙම  මෘදුකාංගය ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.  ඒ වගේම ඔබගේ සියලු උපකරණ එක  Portal  එකක සිට පාලනය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.


ඒවගේම VPN App එකක් භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන තව වාසියක්  තමයි භූගෝලීය ස්ථානය වෙනස් කිරීමට හැකියාව ලැබීම. ඒ කියන්නේ ඔබ දුරකථනය භාවිතා කරන රට වෙනුවට වෙනත් රටක සිට පරිශීලනය කරනා බව හැගවීමට හැකි වීම. මෙම නිසා එම රටවල්වල පනවා ඇති අන්තර්ජාල පලනයන් අතික්ක්රමනය කිරීමටද හැකියාව ඔබට ලැබෙනවා



ඉතින් VPN App එකක් භාවිත කර ඉහත සදහන් කල වාසි සලසා ගන්න ලෙස ඔබට යෝජනා කරමින් අදට නවතිනවා.


අවසන් වශයෙන් කියන්න ඕනේ, නොමිලේ ලබා ගන්න VPN App එකකින් ඉහත සදහන් කල සේවාවන් ලබා ගැනීමේදී යම් සීමා පවතිනවා. විශේෂයෙන්ම Internet Speed එක ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඒ වගේම සමහර VPN App ප්‍රමිතියෙන් තොරයි. ඔවුන් ඔවුන්ගේ app එක Free Use කරන්න දීමේදී යම් ගැටළු pananagඊමට ඉඩකඩ තිබෙනවා. එම නිසා නිවැරදි VPN App එකක් තෝරාගැනීමත් ඉතාමත් වැදගත්.


ඔබගේ රහස්‍යභාවයත් ආරක්ෂාවත් තහවුරු වෙන ලෙස සුළු මුදලක් වියදම් කර VPN App එකක් මිලදී ගෙන අන්තර්ජාලය පරිශීලනය කරන්න.

ඔබට ජය!!


VPN App Special Offer >> Click Here

Subscribe


Post a Comment

0 Comments