Subscribe Us

පරිඝනක සහ අන්තර්ජාල භාවිතයේදී තමන්ගේ පුද්ගලිකත්වය සහ තොරතුරු ආරක්ෂා කර ගමු

වර්තමානයේ කොවිඩ් 19 වෛරසය නිසා ඇතිවී ඇති අර්බුදකාරි තත්වය හමුවේ ළමයින්ගේ අධ්‍යාපනික කටයුතු සහ බොහෝ දෙනාට රාජකාරි කටයුතු සිදු කිරීමට සිදුවී ඇත්තේ තම පරිගණකය හරහා අන්තර්ජාලය සමග සම්බන්ධ වෙමින්.


අන්තර්ජාලය අපගේ කටයුතු පහසු කර ගැනීමට මෙන්ම අපගේ කාර්යයන් ඵලදායිතාව ඉටු කර ගැනීමට උපකාරී වනවා  මෙන්ම එමගිනි ඔබ නොදැනුවත්වම ඔබට අනතුරු ද සිදු විය හැකියි. මෙම කාරණය නිසා ලොව සමහර රටවල් තම රටවැසියන්ට ලබාදෙන  අන්තර්ජාල පහසුකම යම් නියාමනයකට ලක් කරනවා. එමඟින්  බොහෝ දුරට උත්සාහ කරනවා අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවිය නියාමනය කිරීමට. මෙහිදී ඔවුන්ට ද එය කළ හැකි සීමාවක් පවතිනවා.


ඒත් අපි දන්නවා ලංකාවේ එහෙම තත්ත්වයක් නැහැ. ලංකාවේදී අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙම කාරණය නිසා අන්තර්ජාලය පාවිච්චි කරන කුඩා ළමුන් අත්වැරදීම්වලින් අනවශ්‍යවෙබ් අඩවිය වලට ඇතුලත් වීමේ හැකියාවක් තියෙනවා.  උදාහරණයක් විදියට කිව්වොත්  අසභ්‍ය වීඩියෝ ඇතුලත් වෙබ් අඩවි වලට  පිවිසීම වගේ. මෙතැනදී සදහන් කලේ අත්වැරදීමකින් ඇතුළු විය හැකියි එක් වෙබ් අඩවි කාණ්ඩයක් පිළිබඳවයි.  මෙලෙස මෙහි සඳහන් නොකළ බොහෝ  අනතුරුදායක වෙබ් අඩවි කාණ්ඩයන් අන්තර්ජාලයේ  පවතිනවා.



අදම මිලදී ගන්න මෙතනින් >> Sophos Home with Discount





තව කාරණයක් තමයි ලංකාවේ දී බොහෝ දෙනා චිත්‍රපටි සහ මෘදුකාංග බොහෝමයක් ලබාගන්නේ torrent වෙබ් සයිට් වලින්.  මෙහිදීද virus,  මැල්වෙයාර් සහ රැන්සම්වෙයා වැනි අනතුරුදායක මෘදුකංග ඔබ පරිගණකයට ඇතුළත් විය හැකියි.  අන්තර්ජාලය හරහා පමණක් නොව ඔබ පාවිච්චි කරන usb drive හරහා ද ඔබ පරිගණකයට virus ඇතුළත් විය හැක. එමඟින් පරිගණකයේ දෘඩාංග වලට මෙන්ම එහි ඇති මෘදුකාංග සහ තොරතුරු වලට ද හානි වන්න පුළුවන්.  උදාහරණයක් විදිහට හිතන්න ඔබගේ අවුරුදු ගාණක මතක සටහන් විදියට තියන ඡායාරූප පරිගණකයක රදවා තියලා virus attack එකක් නිසා ඒ සියල්ල ඔබට  යළි ලබාගත නොහැකි ලෙස අහිමි වූවොත්, ඔබ  මොකද කරන්නේ? 



Photo by KOBU Agency on Unsplash

ඒ වගේම තමා අන්තර්ජාලය භාවිතා කරන අවස්ථාවන්වලදී පුද්ගලයන්ට හෝ කණ්ඩායම් වලට   ඔබව රැවටීමට ඇති ඉඩකඩ ඉතාම ඉහළයි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් එහෙම කොහොමද කරන්නේ,  එහෙම කරත් ඔබව මුණගැසී නැති නිසා ඔබට ලොකු හානියක් කරන්න බැහැ කියලා.  ඒ උනාට මම යෝජනා කළොත් ඔබ මුණගැසී කරන හානිය වගේම සමහර වෙලාවට ඊට එහා ගිය හානියක් අන්තර්ජාලය හරහා ඔබට කරන්න පුළුවන් කියලා, අකමැත්තෙන් උනත් මෙහිදී ඔබට මා හා එකඟ වෙන්න වෙනවා.



AliDropship is the best solution for drop shipping


මෙහිදී ඔවුන්ට ඔබේ තොරතුරු සියල්ලම ඔබගේ  පරිගණකයෙන් ලබාගන්න පුළුවන්.   ඔබගේ ජෛව තොරතුරු,  බැංකු ගිණුම් වල තොරතුරු සහ ඒවාට ඇතුළු වන මුර පද මෙන්ම ඔබ පරිගණකයේ රදවා ඇති තොරතුරු වලට ද ඇතුළත් වීමේ හැකියාව  ඔවුන්ටලැබෙනවා. ඉතින් මෙහිදී ඔවුන් ඔබේ පරිගණකයට ඇතුළු වී දත්ත ලබා ගන්නවා වගේම ගොඩක් වෙලාවට වන්නේ ඔබ රැවටී ඔවුන්ට ඔබේ තොරතුරු ලබා දීමයි.



අන්තර්ජාලයේ භාවිතයේ දී ඉහත සඳහන් කළ කරුණු වලට අමතරව තවත් බොහෝ ක්‍රම වලට ඔබට අනතුරු සිදුවන්න පුළුවන්.  ඉතිං එහෙනම් අපි දැන් බලමු මෙවැනි අවස්ථාවලදී ඉන් ආරක්ෂා වීමට ඔබ කුමක් කළ යුතුද කියලා.  මෙන්න මෙවැනි තත්ත්වයන්  වලින් ආරක්ෂා වීමට අපට Sopohs වගේ වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න පුළුවන්. නම ඇහුන ගමන් ඔයාලට හිතෙන්න පුළුවන් මේකෙන් ඔයාලාව ආරක්ෂා කරන්නේ වෛරස් වලින් විතරද කියලා.  ඇත්තටම නැහැ.  මෙම Virus Guard එක  හරහා ඊට එහා ගිය ආරක්ෂාවක් ඔබගේ පරිගණකයට ලබා ගන්න පුළුවන්. මෙම වයිරස් ගාඩ් එක ඔබගේ පරිගණකය වයිරස් මැල්වෙයා ටෝජන් ඒ වගේම රැන්සම්වෙයා ආසාදන වීමෙන් වලක්වනවා වගේම අන්තර්ජාලය භාවිතයේ දී ඔබ ඇතුළත් වන වෙබ් අඩවි පිළිබඳ අවධානයෙන් සිටිමින් ඔබව අන්තර්ජාලය පරිශීලනය කිරීමේ දී ද ආරක්ෂා කරනවා. ඒ වගේම මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනවා තම දරුවන් භාවිතා කලයුතු වෙබ් අඩවි  නියාමනයට.


මෙම මෘදුකාංගයේ ඇති web content filtering හරහා ඔබට ඔබගේ දරුවන් අන්තර්ජාලයේ දී භාවිත කළ යුතු වෙබ් category හා ඔවුන් භාවිත නොකළ යුතු web category වෙන්කර ඔවුන්ට වඩා ආරක්ෂාකාරී අන්තර්ජාල  ප්‍රවේශයක් ලබා දීමට හැකියාව ඔබට ලැබෙනවා.

මෙහි ඇති තවත් එක් සේවාවක් වන්නේ ඔබට ලැබෙන විද්‍යුත් පණිවිඩ සියල්ලම පරීක්ෂාකර ඔබට අනතුරක් විය හැකි පණිවිඩ විවෘත කිරීමට ප්‍රථම ඔබට දැනුම් දීමයි.  එමගින් ඔබගේ පරිගණකයට සිදුවිය හැකි  බලපෑමද  වලක්වනු ලබනවා.



මෙවැනි පද්ධතියක් ස්ථාපනය කිරීමට වැයවන මුදල සමග බැලුවම ඉන් ඔබට ලැබෙන ප්‍රතිලාභ හා හා ආරක්ෂාව ඉතා ඉහළයි.  ඉතින් මම ඔබට යෝජනා කරනවා මෙම සේවාව ලබාගෙන ඔබෙත් ඔබගේ පවුලේ සාමාජිකයන්ගේ තාක්ෂණික ලෝකයේ ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙස. ඔබට මේ පිළිබඳ ගැටලු තියනවනම් ලියන්න අපට.  හැකි ඉක්මනින් ඊට විසඳුම් අරගෙන අපි බලාපොරොත්තු වෙනවා. නැවත මෙවැනි ලිපියකින් ඔබව හමුවනතුරු දැනට නවතිනවා.



 ඔබට ජය!!! 

Buy Sophos Home Premium


Post a Comment

0 Comments