Subscribe Us

වැඩිහිටි පොඩිහිටි කාගේත් දිව පිනවන ..රටකජු බ්‍රවුනිස් ..හදමු.


රටකජු බටර් වලට හැම දෙනාම ප්‍රිය කරන අතර රටකජු බටර් මිශ්‍ර කර සාදන බ්‍රවුනි කන්න ආස නැති කෙනෙක් හොයගන්නටද නොමැත.ලොකු කුඩා භේදයකින් තොරව ප්‍රිය කරන රටකජු බ්‍රවුනි අපි හදමු.





අවශ්‍ය ද්‍රව්‍ය  


 1  1/4  (ග්රෑම් 140)  බටර්

1  1/2 කෝප්ප (ග්රෑම් 300)  කුඩු කල සීනි

3/4 කෝප්ප (ග්‍රෑම් 75) කොකෝවා කුඩු

1/4 තේ හැන්දක ලුණු

විශාල බිත්තර 2 ක්

වැනිලා සාරය තේ හැඳි 2 ක්

1/2 කෝප්ප (ග්‍රෑම් 60)  පිටි

1/2 කෝප්ප (ග්‍රෑම් 90) චොකලට් චිප්ස්

රටකජු බටර් කෝප්ප 16 ක්

 රටකජු බටර් කෝප්ප(සැරසීමට )


banners_v01_728x90


 සාදන ආකාරය.


මෙම බ්‍රව්නීස් සෑදීම සඳහා  මයික්‍රෝවේව් එකට දැමිය හැකි භාජනයක් ගෙන එයට  බටර්, සීනි, කොකෝවා කුඩු සහ ලුණු එකතු කරන්න..




මේවා හොදින් මිශ්‍ර කර එම  මිශ්‍රණය මයික්‍රෝවේව් එකට දමා  තත්පර 30 ක් රත් කරන්න. ඉන්පසු එළියටගෙන නැවත හොඳින් බීට්  කරගෙන යන්න.





බිත්තර සහ වැනිලා එකතු කර හොදින් මිශ්‍ර වනලෙස  හොඳින් මිශ්‍ර  කරන්න.






   හොදින් මිශ්‍ර කරගත් මෘදු මිශ්‍රණයට පිටි ටික එකතු කරන්න., ඉන්පසු චොකලට් චිප්ස් ටික     දමාගන්න. චොකලට් චිප්ස් දියවන්නට ඉඩ දෙන්න එපා.දැන් හිමින් මිශ්‍ර කරගන්න.





පාච්මන්ට් කඩදාසිවලින් ආවරණය කර ඇති  හතරැස් බේකින්  පෑන් එකකට මිශ්‍රණයෙන්  අඩක් වත් කර ඒකාකාරව පතුරවන්න.

  



           රටකජු බටර් වලින් ඔබට කුඩා හැඩතල නිර්මාණය කරගත හැක.එලෙස නිර්මාණය කරගත් රටකජු බටර් කැට  ඒකාකාරව බැටරයට උඩින් තබන්න.(මෙලෙස නිර්මාණය කල කැට වෙළදපලේ මිලදී ගැනීමටද ඇත.)





එම  රටකජු බටර් කැට ලේයරය මත නැවත සාදාගත් මිශ්‍රණය තවරන්න.





එම තවරාගත් මිශ්‍රණය මත නැවත කුඩා රටකජු බටර් කැට තැනින් තැන දමාගෙන සරසාගන්න.






මෙය මිනිත්තු 30-35 අවනයේ දමා ගන්න.ඉරටුවක් ගෙන(Toothpick ) හිමින් මිශ්‍රණයට ඇන එම කුරෙහි මිශ්‍රණය නොතැවරී තිබේනම් නියම පදම ඔබට ලැබී ඇත.පසුව මෙය නිවෙන්නට හැර ශීතකරණයේ දමාගන්න.ඉන්පසු කැට කපාගන්න.



ම්ම්ම්..... හරිම රසයි.











Post a Comment

0 Comments