1 .ටයරයක් පුපුරා ගිය විට හැකි තරම් සන්සුන්ව සුක්කානම අත් දෙකෙන් තදින් අල්ලා ගෙන සිටීමට උත්සාහ කරන්න.
2. වැදගත්ම දෙය වන්නේ ඔබේ පාදය තිරිංග වලින් ඈත් කර තැබීමයි. තිරිංග පැඩලය දෙස නොබලන්න, ඒ ගැන සිතන්නවත් එපා.
.
3.ඔබේ ධාවන තීරුවේ රැඳී සිටිමින් එය වෙනස් නොකිරීමට හෝ මාර්ගයෙන් ඉවත් නොවීමට උත්සාහ කරන්න, හැකි තරම් සෘජු මාර්ගයක රැඳී සිටින්න.
4. ඔබේ මෝටර් රථය manual ගියර් පද්ධතියකින් සමන්විත වේ නම්, ක්රමයෙන් එය පහත් මට්ටමට වෙනස් කරන්න,මෝටර් රථයට ස්වයංක්රීය ගියර් පද්ධතියක් තිබේ නම්, ඩ්රයිව් (D) ගියරයේ රැඳී සිටින්න. වෙනස් නොකරන්න.
5. තිරිංග භාවිතා නොකරන්න, පුපුරා ගිය ටයරයෙන් ඔබගේ වාහනය ඉවතට ඇදි යා හැක.
6.ඔබේ මෝටර් රථයට Hand brake තිබේ නම් භාවිතා කරන්න, නමුත් මෝටර් රථය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ඔබට හැඟේ නම් පමණක් එසේ කරන්න.
7. වේගය පැයට කිලෝමීටර 50 දක්වා පහත වැටෙන විට, මෝටර් රථය නතර වන තුරු තිරිංග මෘදු ලෙස තද කරන්න .
0 Comments