Subscribe Us

Windows 10 හි නවතම දෝෂය


 Windows 10 මෙහෙයුම් පද්ධතියේ නවතම දෝෂයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.  මෙම දෝෂය නම් Thunderbolt port එක ඇති, windows 10 ස්ථාපනය කර ඇති පරිගණක හදිසි බිද වැටීමට ලක් වීමයි.  මෙම ගැටලුව පැන නගිනුයේ NVME SSD දෘඩ තැටියක් පිටතින්  පරිගණකයට සම්බන්ධ කළ විටයි.


 මෙය වින්ඩෝස් 10 හි තවත් එක් අමිහිරි දෝෂයක් වන අතර ලොව පුරා සිටින බොහෝමයක් Windows පාරිභෝගිකයින් තම  පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම  යාවත්කාල කිරීම් වන May 2020 යාවත්කාල කිරීම සහ Octomber 2 020 යාවත්කාල  කිරීම් අත්හිටුවා ඇත.  මෙම යාවත්කාල කිරීම් මෙම දෝෂයට  හේතු වී ඇත.


 මයික්‍රොසොෆ්ට් සමාගම පවසන අන්දමට මෙම දෝෂය සිදුවන්නේ පරිශීලකයා බාහිරින් NVMe SSD දෘඩාංගයක් thunderbolt port එක හරහා පරිගණකයට සම්බන්ධ කළ විටයි.  එම නිසා පැහැදිලිවම මෙම දෝෂය බලපානුයේ නවතම Ports තම  පරිගණකයේ ඇති පරිශීලකයන් සහ NVMe SSD  දෘඩාංග සහිත පරිගණක ඇති පරිශීලකයන්ටය.


මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම දෝෂය පිළිබඳ  තම ලිපි වල මෙසේ සඳහන් කර ඇත.


“ Thunderbolt NVMe SSD  දෘඩ තැටියක් windows 10 version 2004  හෝ windows 10 version 20H2 සමග භාවිතා කිරීමේදී දෝෂයක් පැණ නගින බව අප හදුනාගෙන ඇත”