Introduction
1967 දී Nissan සමාගම සහ Prince Motor සමාගම ඒකාබද්ධ වීමෙන් පසු මාදිලි දෙකක් ලෙස Skyline මොටර් රථය නිෂ්පාදනය කරන ලදී.එක් මාදිලියක් Nissan Skyline GT-R ලෙස හදුන්වමින් sport මෝටර් රථයක් ලෙසත් අනෙකුත් රථය Nissan Skyline ලෙස හදුන්වමින් luxury sedan මෝටර් රථයක් ලෙස නිපදවිය.අද අපි එම මාදිලි වල Generations ඔබ වෙත ගෙන එන්නෙමු .
Generations
Nissan Skyline GT-R First generation (1969–1972)
PGC10 ලෙස නම් කරන ලද පළමු Nissan Skyline GT-R මොටර් රථය 1968 ඔක්තෝබර් ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙන ලද අතර පසුව එය 1969 පෙබරවාරි 4 වන දින දොරවල් හතරක (sedan) රථයක් ලෙස ලබා ගත හැකි විය. 2.0 L DOHC S20 ඉන්ලයින් -6 එන්ජිමකින් බලගන්වා ඇති මෙම රථය manual 5 speed gear පද්ධතියකින් සමන්විත වෙ . 1971 මාර්තු මාසයේදී KPGC10 චැසි කේතය යටතේ දොර දෙකේ (coupe) බොඩි ස්ටයිල් එකක් ලෙස ජපන් වෙළදපොලට හඳුන්වා දෙන ලදී .මෝටර් රථයේ අභ්‍යන්තරය ඉතා මූලික මට්ටමේන් නිර්මාණය වූ අතර Bucket seats සහ Three-spoke steering wheel සහ ලීයෙන් කල නිර්මාණ ඇතුළත් විය.PGC10 සහ KPGC10 Skyline GT-R මෝටර් රථ 1,945 ක් නිෂ්පාදනය කරන ලදී.
Nissan GT-R PGC10
Nissan GT-R KPGC10
Nissan Skyline GT-R Second generation (1973)
KPGC10 හි වැඩි දියුණු කල මෝටර් රථයක් වන KPGC110 1972 ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී හඳුන්වා දීමෙන් පසුව 1973 දී ජපන් වෙළදපොලට දොර දෙකේ (coupe) බොඩි ස්ටයිල් එකකින් හඳුන්වා දෙන ලදී. 1,989 cc s20 ඉන්ලයින් -6 එන්ජිමකින් බල ගැන්වෙන GT-R දෙවන පරම්පරවේ මෙම මෝටර් රථය “කෙන්මරි" ස්කයිලයින් ලෙසද හැඳින්විණි.
අවාසනාවකට මෙන්, 1970 දශකයේ මුල් භාගයේ දී ඇති වූ පෙට්‍රල් අර්බුදයක් හේතුවෙන් දෙවන පරම්පරාවේ GT-R නිෂ්පාදනය අසාර්ථක විය. එහි කෙටි නිෂ්පාදන කාලය අවසන් වන විට මෝටර් රථ 197 ක් නිමකර තිබේ. ඊළඟ දශකය සඳහා, 1989 දී R32 නිපදවන තෙක් අවසන් GT-R නිෂ්පාදනය මෙය විය.
-ඉදිරි ලිපි වලින් අනෙකුත් වැඩිදුර විස්තර බලාපොරොත්තුවන්න
-උපුටා ගැනීම :https://en.wikipedia.org/wiki/Nissan_Skyline
:https://en.wikipedia.org/wiki/Nissan_Skyline_GT-R
0 Comments