Subscribe Us

Nissan Skyline


 

    




Nissan Skyline යනු 1957 සිට Prince Motor සමාගම විසින් ප්‍රථමයෙන්ම  Prince Skyline ලෙස නිෂ්පාදනය කරන ලද මෝටර් රථ සන්නාමයක් වන අතර පසුව 1967 දී  Nissan  සමාගමත් Prince Motor සමාගමත් ඒකාබද්ධ වීමෙන් පසුව Nissan Skyline ලෙස Nissan සමාගම විසින් මෙම මොටර් රථය නිෂ්පාදනය කරන ලදී. සමාගම් දෙක  ඒකාබද්ධ වීමෙන්  පසු මෙම මෝටර් රථය  ජපානයේ විකුණනු ලැබුවේ  ප්‍රින්ස් සමාගම සමඟ අනුබද්ධිත Nissan Prince Shop නම්  වෙළදසැල් තුලය .


    Skyline මාදිලි වඩාත් ප්‍රචලිත වීමට ප්‍රධාන හේතුව වුයේ ඔවුන්ගේ වෙළද ලකුණ වූ රවුම් හැඩති පිටුපස brake  lights පද්ධතිය විය . 






    Nissan Skyline මොටර් රථය වැඩි දියුණු කර නිර්මාණය කර ඇත්තේ ජපන් ඉංජීනේරු Shinichiro Sakurai විසිනි.1929 April 3 වෙනි දින උපත ලද ඔහු යොකොහාමා ජාතික විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු ජපන් මෝටර් රථ කර්මාන්තය සමග එක්වීමට පෙර Shimizu සංස්ථාවේ සේවය කළ අතර එය ඔහුගේ පළමු රැකියාව විය. 1952 දී Prince Motor සමාගමේ චැසි ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඔහු Nissan සමාගම සමග එක්වීමෙන් පසුව Nissan Skyline ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස පත්විය . 1986 දී Autech (Nissan subsidiary) හි සභාපති ධුරයට පත් වූ ඔහු 2011 ජනවාරි 17 වන දින හෘදයාබාධයකින් මිය යන තුරුම Nissan Skyline මොටර් රථය සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාදී ඇත. Skyline නාමය ආරම්භ වූයේ Prince automobile සමාගමෙනි, එය Nissan-Datsun සමඟ ඒකාබද්ධ වීමට පෙර Prince automobile සමාගම Skyline sedan මෝටර් රථ නිපදවා විකුණනු ලැබීය.ප්‍රථම Skyline මෝටර් රථය Prince Motor සමාගම විසින් 1957 අප්‍රේල් මාසයේදී දියත් කරන ලද අතර එය 1.5-litre එන්ජිමකින් ක්‍රියාත්මක විය. පසුකාලීනව 1964 දී එළිදක්වන ලද Prince Skyline GT මෝටර් රථය ක්‍රියාත්මක වූයේ 2.0-litre G7 inline-6 එන්ජිමකින් වන අතර එය මාදිලි දෙකක් ලෙස නිපදවන ලදි. එක් රථයක් S54A තනි කාබ්යුරේටර් එන්ජිමක් 78 kW (106 PS; 105 hp) ලෙසද අනෙකුත් රථය S54A ත්‍රිත්ව කාබියුරේටර් එන්ජිමක් 92 kW (125 PS; 123 hp) ලෙසද නිපදවා ඇති අතර නිෂ්පාදනයේ මුළු ඒකක 100 කි.      මෙම රථ GT-R/GT-B ලෙසද හදුන්වයි. GT-R කෙටි යෙදුම Gran Turismo Racing සඳහා වන අතර GT-B යනු Gran Turismo Berlinetta යන්නයි.විකුණුම් වැඩි කිරීම සඳහා මෝටර් රථ නම් කිරීමේදී ජපන් ජාතිකයින් ඉතාලි මෝටර් රථ නම් කිරීමේ සම්මුතීන් භාවිතා කරන ලදි . GT-R හි පැරණිතම මෝටර් රථය වූ S54 2000 GT-B රථය, 1964 ජපන් GP පළමු ධාවන තරඟයේ දීම දෙවන ස්ථානයට පැමිණියේ Porsche 904 GTS සමග තරග වදිමිනි . කෙසේ වෙතත්, Skyline මෝටර් රථ පරාසයේ පළමු sports-oriented මාදිලිය ලෙස GT-RS54 2000 GT-B හැදින්විය හැක .1972 දී එය නවත්වන විට මෝටර් රථය ජයග්‍රහණ 1,000 ක් ලබා ගෙන තිබුණි .GT-R හි මුල් මාදිලිය වන PGC10 2000 GT-R දොර හතරේ රථය, වසර එකහමාරක් තුළ ජයග්‍රහණ 33 ක් ලබා ගෙන තිබුණි. GT-R මාදිලිවල අන්තිම මාදිලිය වන KPGC110 2000GT-R රථ , මීට පෙර පැවති 2000 GT-R රථ මෙන් නොවෙනස්ව S20 119 kW (160 hp) ඉන්ලයින් -6 එන්ජිමක් භාවිතා කළ අතර ලෝක බලශක්ති අර්බුදය හේතුවෙන් විකුණනු ලැබුවේ මෝටර් රථ197 ක් පමණි.       මෙය මෝටර් රථ තරග සදහම සාදන ලද මෝටර් රථයක් ලෙස තිබියදීත් කිසි විටෙකත් තරඟයකට සහභාගී නොවූ එකම GT-R රථය වන අතර එය දැන් Zama හි තිබෙන පැරණි මෝටර් රථ සඳහා Nissan සමාගමේ කෞතුකාගාරයෙහි තබා ඇත. 


  Nissan GT-R PGC10

  


Nissan GT-R KPGC110


S54 2000 GT-B




-ඉදිරි ලිපි වලින්  අනෙකුත්   මොටර් රථ පිළිබද විස්තර බලාපොරොත්තුවන්න . 
-උපුටා ගැනීම :https://en.wikipedia.org/wiki/Nissan_Skyline






Post a Comment

0 Comments