Subscribe Us

"රසම ...රස" චොක්ලට් මූස් හදමු..



අවශ්‍ය ද්‍රව්‍ය :

කුකින් චොක්ලට්  145g 

සිනි මේස හැදි 1

බිත්තර සුදුමද 3

බිත්තර කහමද 3

බටර් 45g 

වැනිලා තේ හැදි 1


මුලින්ම චොක්ලට් ටික ඩබල් බොයිල් කරගත යුතුයි.ඒ සදහා විදුරු භාජනයකට හෝ ස්ටේන්ලස් ස්ටීල් භාජනයකට චොක්ලට් ටික දමාගන්න.පසුව කට පළල් භාජනයකට නටන උණුවතුර ස්වල්පයක් දමාගෙන ඒ මත චොක්ලට් දමාගත් භාජනය තබාගෙන චොක්ලට් ටික දියවනතුරු දියකරගන්න. ඉන්පසු දියකරගත් චොක්ලට් වලට බටර් ටිකත් එකතුකරගෙන හොදින් දියකරගන්න.



මෙම චොක්ලට් බටර් මිශ්‍රණයට බිත්තර කහමද 3 සහ වැනිලා තේ හැන්ද එකතුකර හොදින් මිශ්‍ර කරගන්න.






ඉන්පසු එම මිශ්‍රණය නිවෙන්නට පැත්තකින් තබා බිත්තර සුදුමද ටික හොදින් බීට් කරගන්න. මේ සදහා බීටර් එකක් පාවිච්චි කලයුතුයි.මුලින්ම බිත්තර සුදුමද 3 භාජනයකට දමාගෙන එයට ලුණු ඉතාම ස්වල්පයක් එකතුකර බීට් කරන්න. එම බීට් කරන අතර තුර සීනි ස්වල්පය බැගින් දමා හොදින් බිට් කරගන්න.




           

           අනතුරුව නිවුණු චොක්ලට්, බටර්,බිත්තර  මිශ්‍රණයට බීට් කල බිත්තර සුදුමද මිශ්‍රණය දමාගන්න.පසුව එම සියල්ලම එකම දිශාවකට හිමින් සැරේ බීට් කරන්න.එම මිශ්‍රණය ගොඩාක් බීට් කරන්නට එපා.


පසුව එම මිශ්‍රණය ශීතකරණයේ පැය 4-5 තබා ඔබට අවශ්‍ය ආකාරයෙන් සැරසිලි කර අමුත්තන්ට පිළිගැන්විය හැක.






ජායාරුප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.


Post a Comment

0 Comments