Subscribe Us

මුත්‍ර ගල් වලින් , ලිංගික බෙලහිනතාවයෙන් , ඔබ පීඩා වින්ද කාලය අවසානයි

මුත්‍ර ගල් වලින් , ලිංගික බෙලහිනතාවයෙන් , ඔබ පීඩා වින්ද කාලය අවසානයි.


                        තෙත් හෝ ජලාශ්‍රිත ප්‍රදේශවල මීටර්  1- 1.25 ක් තෙක් උසට වැඩෙන සෘජු කඳක් සහිත බහුපාර්ශවික පැළෑටියකි. දිගටි පත්‍ර  බූව සහිතය. මල් හයක් අටක් වලයාකාරව පිහිටා ඇත. පෙති දාම් නිල් පැහැතිය. ඵලය සෙන්ටි මීටර් එකක් පමණ දිග ස්ඵෝටිකාවකි. මෙරට වියළි හා තෙත් කලාපයේ විවෘත වගුරු බිම් වල පාර දෙපස ජලය සහිත ස්ථානවල සුලභව දක්නට ලැබේ. මෙහි  නිල් පැහැති මල් සහිත වර්ගයක් සහ සුදු මල් සහිත වර්ගයක් ඇත. වැඩිපුර දක්නට ඇත්තේ නිල් පැහැති මල් පිපෙන වර්ගයකි. නීරමුල්ලිය රසවත් පලාවක් ලෙස ආහාරයට එක්කර ගත හැකිය.

 

                          රෝගාබාධ කීපයක්ම සුවපත් කිරීමට ආයුර්වේදයේ  යොදාගන්නා වටිනා ඖෂධයකි නීරමුල්ලිය. මෙය ගමේ ගොඩේ ව්‍යවහාර කරන්නේ “ඉකිරිය” ලෙසටය. ිශේෂයෙන්ම ආයුර්වේදය මෙම ඖෂධය හඳුන්වන්නේ” මුත්‍රා කාරක ඖෂධයක්” ලෙසට ය.නාඩි දුබලතාව ,වාතරෝග, ආම  වාත, පිත්තතිසාරය,  රත්පිත්, වාතරක්ත, සෙංගමාලය, මුත්‍ර ගල්, මුත්‍රා අඩස්සිය ,ආදි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නීරමුල්ලිය ශාකයේ කොළ, මුල් ,බීජ, ඇතුළු පංචාංගයම භාවිතයට ගනී.


                         මුත්‍රා පිටවීම හොඳින් සිදු කරන ඖෂධයක් නිසා නීරමුල්ලිය හිතා වටිනා ඖෂධයකි. ආයුර්වේදයට අනුව මුත්‍රා ගල් ,මුත්‍රා හොඳින් පිට නොවීම, මුත්‍රා පහසුවෙන් පිට, වීම යන තත්ත්වයන්ට ඉතා ගුණ කාරක  ඔසූවකි. වකුගඩු හා මුත්‍රා ගල් වලටත් ඉතාමත් ගුණදායකය. මුත්‍රාශයේ  ගල් ඇති අයට ලුණුවර පොතු, නීරමුල්ලිය මුල් කලං 6 බැගින් කෂාය කර බීම, පොල්පලා , නීරමුල්ලිය තැම්බූ ජලය  සතියට වරක් පමණ බීම මගින් එම රෝගයෙන් සහනය ලැබිය හැකිය. වැඩිහිටියන්ගේ කකුල් ඉදිමුණු විට නීරමුල්ලිය කොළ තැම්බූ ජලය කකුල් බහා තබමින් සේදීම හා තැම්බූ කොළවලින් තැවීම  සිදුකරයි. රුධිර ධාවනය වේගවත් කරන නිසා අධි රුධිර පීඩනය ඇති අයට අහිතකරයි. නීරමුල්ලිය ඇට ඉතාමත් ගුණදායක වන්නේ ලිංගික බෙලහීනතාවය ඇති පිරිමින්ට බව දේශීය වෛද්‍යවරු පවසති. එම තත්ත්වය සුවකර ශුක්‍රාණු නිෂ්පාදනය හොඳින් කෙරෙන තත්ත්වයට මෙයින් ගුණ ලැබෙන අතර වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත දියවැඩියා රෝගීන්ට ද මෙම ඔසුව වැදගත්ය. මොළයේ ස්නායු පුබුදු වන හෙයින් නිරෝගී බව ඇති කරයි. ආතරයිටීස් වැනි රෝග ප්‍රදාහ තත්ත්ව ,ඉදිමුම් සඳහා ද ගුණදායකය. කෙසේ වෙතත් මෙම ඔසුව නිසි වෛද්‍යවරයෙකු ගේ උපදේශයකින් තොරව භාවිත කළ යුතු නොවන බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ උපදේශයයි .ඊට හේතුව ඔබ පරීක්ෂාකළ වෛද්‍යවරයා ඔබේ රෝගී තත්වය විමසා බලා ඔබේ රෝගී තත්වය අවබෝධ කරගෙන මෙම ඔසුව ඔබ ගතයුත්තේ කෙසේදැයි ඔබට නිර්දේශ කරාවී .