Subscribe Us

චීන උණ ගසෙන් ජිවිතයට පාඩමක්



                     චීන උණ ගස පිළිබඳ උපමාව අපට ඉවසීම නොපසුබට උත්සාහය  පිළිබඳ පාඩම් උගන්වයි. ඔයාලා අහල තියනවද චීන උණ ගහේ කතාව. චීන උණ ගහක් සාමාන්‍යයෙන් වැඩෙන්න වසර 05 පමණ කාලයක් ගතවෙනවා.ඒ ගහ වැඩෙන්න හැමදාම ඒ පසට පොහොර හා ජලය නියම විදිහට ලැබෙන්න ඕන.නමුත් වසර 05 ගත වෙනකල් චීන උණ ගහ පොළොවෙන් උඩට මතුවෙන්නේ නැහැ. නමුත් පොළොව පසාරු කරගන පොළොවෙන් උඩට මතු උනාට පස්සේ සති 06 ඇතුලත මෙම චීන උණගහ අඩි 80 උසට වැඩෙනවා. චීන උණ ගස සති හයකින් අඩි 80 ක් වැඩෙනවාද? එය අපට අදහගත නොහැකි කරුණකි. එය සැබවින්ම සිදුවෙනවා.සති 06 ඇතුලත අඩි 80 උස යන්න ශක්තිය වසර 05 තිස්සේ ගබඩා කර තබා ගැනීමේ අරුම පුදුම හැකියාවක් චීන උණ ගස සතුයි.  

          මිනිසුන්, ඔවුන්ගේ සිහින හා අරමුණු සඳහා වෙහෙස මහන්සි වී, දුෂ්කරතා සහ අභියෝග ජය ගනිමින් ශක්තිමත් චරිතයක් ගොඩ නගයි. චීන උණ ගස පුද්ගලික වර්ධනය හා වෙනස්වීම පිළිබඳ අපගේ අත්දැකීම් සඳහා කදිම උපමාවකි. වෙනස් කිරීම කිසි විටෙක පහසු නැත. බොහෝ විට, ප්‍රගතියේ සලකුණු මන්දගාමීය, කලකිරීමට පත්වන අතර ඇතැම් විට ආපසු හැරීමට නොහැක.  .විශේෂයෙන් අපට ඉවසිලිවන්තව හා නොපසුබටව සිටිය හැකි නම් අපට කල නොහැක්කක් නොමැත. හැමදාමත් ඔබගේ සිහින වෙනුවෙන් ඔබ වැඩ කරන්න . චීන උණ ගසේ කතාව තරයේ මතක තබාගන්න.

                    "සියල්ල මිලදීගත්තද, ඔබට කාලය මිලදී ගත නොහැක. එමනිසා කාලය අපතේ නොයවන්න"

Photo by Dan Price from FreeImages