Subscribe Us

හවසට තේ වෙලාවට ම්....රසම රසයි.

 

     ගෙදර නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට දුවලා පුතාලා එක්ක විතරක් නෙවෙයි හස්බන්ඩ් වත් එකතු කරගෙන සතුටින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පුංචි කෑම ටිකක් මම ඔයාලට කියන්නම්.හදන්නත් ලේසි. ඒවගේම හරිම ගුණයි.හවස තේ බොන්න ගිය වෙලාවට කඩෙන් ගෙනත් කන බිස්කට් ,කේක් විතරක් නෙවෙයි වෙනත් කෙටි කෑම වලට වඩා ඔයාගෙම අතින් මේ වගේ පොඩි පොඩි කෑම හදපුවාම දැනෙන සතුටයි, පිරිසිදුකමයි නිසා ඔයාට ගොඩක් සතුටු හිතේවි.










 කොකනට් මැකරෑන්ස් 

ගාගත් පොල් කෝප්ප 6යි.

මිලක් මේඩ් පොඩි ටින් එකයි.

වැනිලා තේ හැඳි 1යි.

මෙම සියල්ලම එකම භාජනයකට දමාගෙන මිශ්‍ර කරගන්න.තෙල් කඩදාසියක්  දමාගත් තැටියක් මතට කුඩා බෝල දමාගෙන  අංශක 160 ෆ්‍රී හීට්  කල අවන් එකක දමා විනාඩි 10-12 තබා බේක් කර ඉක්මනින් එලියට ගෙන නිවෙන්න තබන්න.








චොක්ලට් බ්‍රව්නිස් 

ඩබල් බොයිල් කල චොක්ලට් කෝප්ප 1යි.

බිත්තර 2යි.

පාන් පිටි කෝප්ප 1යි.

බටර් 50 ග්‍රෑම් 

වැනිලා තේ  හැන්දක් 

ලුණු ස්වල්පයක් 

සිනි 150ග්‍රෑම් 


මුලින්ම බිත්තර ටික කඩා බදුනකට දමාගන්න. එයට සීනි ටිකද දමාගෙන හොදින් මිශ්‍රකරගන්න.එම මිශ්‍රණයට ලුණු කුඩා ප්‍රමාණයක් සහ වැනිලා ටික එකතුකරගන්න.මෙයටම බටර් ටිකද එකතුකර හොදින් මිශ්‍ර කරගන්න.ඉන්පසු පාන්පිටි ටික දමා මිශ්‍රණය විනාඩි 5ක් පමණ මිශ්‍ර කරන්න. අවසානයේ ඩබල් බොයිල් කල චොකලට් ටික එම මිශ්‍රණයට දමා එකම දිශාවකට මිශ්‍රකරගන්න.අනතුරුව බටර් තැවරු තැටියක දමා අංශක 180 ෆ්‍රී හීට්  කල අවන් එකක දමා විනාඩි 20 තබා බේක් කර අවසානයේ එය නිවුනට පසු කෑලි කපාගන්න.






ස්නැක් බාර් 


කජු හෝ ආමන්ඩ් කෝප්ප 1 යි.

වියළි මිදී කෝප්ප 1යි.

ඇට ඉවත්කරගත් රට ඉදි කෝප්ප 1යි.


කජු අවන් එකක හෝ පෑන් එකක දමා රොස්ට් කරගන්න.

ඉන්පසු වියළි මිදී, ඇට ඉවත්කළ රට ඉදි සහ රොස්ට් කල කජු හෝ ආමන්ඩ් බ්ලන්ඩර් එකක දමා කුඩා කැබැලි ඉතුරුවන ලෙස බ්ලෙන්ඩ් කරගන්න.(සීනි අවශ්‍යනම් එකතුකරගන්න)

ලන්ච් ෂීට් එකක් ගෙන එය තැටියකට දමා ඒ මතට බ්ලෙන්ඩ් කල කජු මිශ්‍රණය මදක් ඝනකම සිටින ලෙස තුනී කරගන්න.

ඉන්පසු එම තැටිය ශීතකරණයේ තබා පැය 5කින් පමණ පසු ඉවතට ගෙන කැබලි කපාගන්න.