රැකියාවක නිරතවන යුවතියන් මෙන්ම සාමාන්‍ය ගමන් බිමන් වල යන එන යුවතියන් අතර මෙන්ම වයස් භේදයකින් තොරව මිලදී ගනු ලබන විලාසිතාවක් වන්නේ කළු කලිසම් මෝස්තරයයි.කලිසම් මෝස්තර කාන්තාවකට ඉතාමත් පහසු සහ ලෙහෙසි ඇඳුමක් වන අතරම ඇයගේ පෙනුමට වැඩි ආකර්ශනයක් ලබාදීමට විවිධාකාරයේ කලිසම් මෝස්තර මේ වන විට වෙළදපලේ දක්නට ලැබෙති.එහෙත් සමහර විට ඔබ කලිසම් මෝස්තරයක් තෝරා ගැනීමට යාමේදී එම මෝස්තරය කුමන ආකාරයේ එකක්දැයි නොදැන සිටියානම් අප අද එය ඔබට කියාදෙන්නම්.
1.Cherokee Workwear Revolution Scrub Pant
මෙම කලිසම 78% polyester, 20% rayon, and 2% spandex, සමන්විත රෙද්දකින් නිර්මාණය කර ඇති අතර සෞඛ්‍ය සේවකයිට සහ වෛද්‍ය වරුන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් මෙම කලිසම් වර්ගය බෙහෙවින් උපකාරී වන බව වාර්තාවේ.මෙහි ශල්‍ය උපකරණ උවද දමාගත හැකිවන පරිදි සාක්කු නිර්මාණය කර ඇති අතර ඉදිරිපස පැච් සාක්කු සහ පිටුපස සාක්කුවක්ද ඇත.මෙම කලිසම දිගුවේලාවක් ඇඳගෙන සිටීමට හැකිවන තරම් සුවපහසු ඇගලුමකි.මෙම ඇඳුම මිලදීගැනීමේ වාසි වන්නේ සාක්කු බොහොමයක් තිබීම සහ ඉක්මනින් රැලි නොවැටීමත් සහ ශරීරයට සුවපහසු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර තිබීමයි.
2.Lee Women's Relaxed Fit All Day Pant
3.Rekucci Barely Bootcut Comfort Pants
ඉදිරිපස විවරයක් නොමැතිව (ශිපර් එකක් )නිමවා ඇති මෙම කලිසම ඉතාම සුවපහසුය.ඉනට හොදින් තදවන ලෙස ඉනපටියකින් මෙය අලංකාර කර ඇති අතර ඔබට වෙනමම ඉන පටියක් උවද භාවිතාකර, මෝස්තරය තව දුරටත් හැඩකරගත හැක.එම ඇඳුමට සාක්කු කිසිවක් නොමැති අතර ඔබගේ උස වෙනස්කර ගැනීමට හැකිවන ආකාරයෙන් මෙහි වාටි මසා ඇත.
4.Hybrid & Company Women's Slim Bootcut Stretch Pants.
ඉනෙහි උස අඩුවන ලෙස නිර්මාණය කරන මෙම කලිසම ස්ට්‍රෙච් රෙදිවලින් නිමවා ඇත.ශරීරාංග කැපී පෙනෙන ලෙස උලුප්පා පෙන්වන හැඩය නිසා කාන්තා සිරුරෙහි හැඩකාර බව ඉස්මතු කරයි.කලවා ප්‍රදේශයේ සිට පහළට සැහැල්ලු ලිහිල් වන අතරම එය ගමන් කරනවිටදී සුව පහසුය.සාක්කු පහක් ඇති මෙහි විලාසිතාවක් පිණිස පමණක් එය උපකාරී වෙයි.ශරීරය නිරාවරණය වන බ්ලවුස් ඇඳීමට ප්‍රියතාවයක් දක්වන යුවතියනට මනාව ගැලපේ. සිහින් සිරුරක් ඇති අයටනම් බොහෝ සෙයින් උචිතයි.
5.Marycrafts Women's Work Ankle Dress Pants.
ඔබ උස් යුවතියක් බව බැලු බැල්මටම විදහා දක්වන කලිසම් විලාසිතාවකි. මෙම කළු ස්ලැක් 97% කපු සහ 3% ස්පෙන්ඩෙක්ස් රෙදිවලින් නිමවා ඇත.විවිධ මෝස්තර සහිත බ්ලවුස් සහ ටොප් සමඟ මෙය අපුරුවට ගැලපෙන අතර රැකියාවට අනුව ගලපා ඔබට මෙය ඇඳිය හැක. ඉන ප්‍රදේශය සුවපහසු වන ආකාරයෙන් මෙය නිමවා ඇති බැවින් එදිනෙදා රාජකාරියට ඉතා සුදුසුය.
6. Motherhood Maternity Women's Skinny Work Pant
දරුවකු ලැබෙන්ට සිටින කාන්තාවකට උවද කලිසම් විලාසිතා කිරීමට ලැබීම ඔවුනට ඉතා පහසුය.එහෙත් උපදින්නට සිටින දරුවට අපහසුවක් නොවන ආකාරයෙන් නිමවූ කලිසම් විලාසිතාවක් තෝරාගන්නට හැකිනම් එය එම කාන්තාවන්ගේ සිතටද මහත් සැනසීමක් වගේම දරු කුසටද ආරක්ෂාවක් වනු ඇත.වැඩෙන කුසට සරිලන ලෙස ඉහළ ඉන ඇදෙන අතර එමගින් කුසට කිසිදු තෙරපීමක් ඇති නොවෙති.මෙහි ෂිපර් හෝ බොත්තම් නැති බැවින් මවක් වීමට සිටින කාන්තාවකට ඉතාමත් සුවපහසු සරල ඇඳුමකි.
7.Calvin Klein Women's Classic-Fit Suit Pant
ඉහළ පන්තියේ රැකියාවක නිරතවන යුවතියන්ගේ ප්‍රියතම තේරීමක් වන මෙම කලිසම ඉතාම සුවපහසුය. 63% පොලියෙස්ටර් සහ 32% රේයාන් මිශ්‍ර රෙද්දකින් නිමවන මෙම කලිසමට ඔබ කැමති ඕනෑම වර්ණයක බ්ලවුසයක් අපුරුවට ගලපාගත හැක.ඉදිරිපස නැමුම් රේඛාවක් තිබෙන ලෙස නිමකරන මෙය පැරණි ඇඳුම් මෝස්තරයකි.එහෙත් කිසිදා වෙළදපල තුළින් ඉවත් නොවන කලිසමක් වන මෙය ආයතන මඟින් ලබාදෙන නිළ ඇඳුම සමඟද භාවිත කල හැක.
8. Ginasy Women's Dress Pant
වළලු කර තෙක් දිග ඇති මෙම කලිසම නිදහසේ රාජකාරිය කරන යුවතියන්ට කදිමට ගැලපෙයි.ෂිපර් සහ බොත්තම් මඟින් කලිසම හොදින් ඉනට සම්බන්ධවන අතර කිසිදු බාධාවකින් තොරව වාඩිවී සිටීමට හැකියාව ලැබේ.මෙය සිහින් කලිසමක් උවද දිවා කාලයේ භාවිත කළහැකි බ්ලවුසයක් සමගින් මනාව ගැලපේ.
9.Nic+Zoe Women's Wonderstrech Pant
දිවාකාලයේ පවතින සම්මන්ත්රණ, පුහුණු වැඩසටහන් ,සම්මුඛ පරික්ෂණ වෙනුවෙන් සහභාගිවන යුවතියනට වඩා උචිතවෙයි.රේයාන්, නයිලෝන් සහ ස්පැන්ඩෙක්ස් යන අමුද්‍රව්‍ය වලින් නිමකර ඇති මෙම කලිසම ඉතාමත් සුවපහසුය.කළු කලිසමකට ගැලපෙන පාටකින් තෝරාගත් පාවහන් යුවලක් සහ බ්ලවුසයක් ඇඳීම තුළින් ඔබගේ පෙනුම වඩා ඔප්නංවා ගත හැක.(මෙය ඔබ උපුටා ගන්නේ නම් අපගේ post එකේ link එක සමඟින් අනිවාර්යයෙන්ම share කල යුතුයි )
0 Comments