Subscribe Us

ඔබ හරියටම Bra තෝරන්න දන්නවාද?

               


                කාන්තාවන් 64% වැරදි Bra භාවිතාවට ගන්න බව ඔබ දැනගෙන සිටියද?එයින්ද 24% කාන්තාවන් තමන් භාවිතා කරන්නේ තමන්ට සුදුසුම bra එක නොවන බව ඔවුන් දන්නේ නැත.රැකියාවක් කරන කාන්තාවකගේ හෝ ගමනක් ගොස් නිවසට පැමිණෙන කාන්තාවකගේ මුලිකම ක්‍රියාව වන්නේ bra එක ගලවා දමා සැහැල්ලු ඇඳුමක් ඇද ගැනීමයි.. එයට හේතුව වන්නේ සාමාන්‍යයෙන් ඔවුන් තමන්ට සුදුසු හෝ නිවැරදි bra එකක් තෝරාගෙන නොතිබීමයි. බොහොමයක් කාන්තාවන් මේ වනවිට වෙළදපලේ ඇති bra පිළිබඳව අවබෝධයක් නොමැතිව bra එකක පාට වෙනුවෙන් හෝ එහි මෝස්තරය වෙනුවෙන් හෝ එහි මිලගණන් වල ඇති අඩුවැඩි වීම් සලකා බලා එම bra මිලදී ගනිති .මෙම ලිපියෙන් අප බලාපොරොත්තුවන්නේ වෙළදපලේ ඇති bra පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.ඔබගේ සුන්දර සිරුරෙහි නියම හැඩය වඩා ඔප් නැංවීමට ඔබත් නිවැරදිව bra වර්ග තොරගතයුතුම අතර ඒ වෙනුවෙන් ඔබ මුලින්ම bra වර්ග පිළිබඳව දැනුවත්විය යුතුමය.


1.T-shirt Bra





         ඔබ සමහරවිට පැඩඩ් බ්රා ලෙස මේවා හදුන්වනවා ඇති. නමුත්  මෙම බ්රා  විශේෂය ඒ හා සමාන වන අතර ඔබගේ පපු ප්‍රදේශයට හොද පෙනුමක් ලබාදීම සදහා බොහොමයක් තරුණ, මහලු භේදයකින් තොරව  කාන්තාවන් මෙම බ්රා විශේෂය මිලදිගනු ලබති.



2.Sports Bra.






            ක්‍රීඩා ක්‍රියාකාරකම් වෙනුවෙන් පමණක්ම නොව අද වන විට බොහොමයක් කාන්තාවන් ව්‍යායාම වල නිරතවීම බොහොම සුලභ දෙයකි.ඒ වෙනුමෙන්ම නිපදවනු ලැබූ බ්රා  විශේෂය Sports Bra ලෙස හදුන්වනු ලබති.ව්‍යායාම කරන අවස්ථාවන්වලදී  ඔබට පහසු සහ සුමුදු බ්රා එකක් පැළද සිටීම තුළින් ඔබට එම කාර්යයේ කිසිදු අපහසුතාවයකින් තොරව නිරතවීමට අවස්ථාව උදාවනු ඇත.


BraBar



එය ඔබ මිලදී ගන්නේ නම් ඔබ එම බ්රා එක ඇන්දාට පසුව ඔබ පපුව වටේ ඇති පටියදිගේ ඇගිල්ල ගෙනගොස් අගලක් පමණ එය ඇදීමට හැකිනම් එය ඔබගේ ශරීරයට හරියටම ගැලපෙන බ්රා එක වනු ඇත.එමෙන්ම ඔබගේ පපු පෙදෙසේ චලනය වීම් අඩු වීමටනම් ඔබ එම බ්රා එකේ ඉදිරිපස පටි කුඩා දිගකින් තිබෙන එකක් තෝරාගැනීමද කලයුතුය.එවිට ඔබගේ පපු ප්‍රදේශයේ බර දරාගෙන පපු පෙදෙස ඉහලට ඔසවා තැබීමට එම දිගින් අඩු පටි උපකාරී වෙයි.ඔබ විසින් සිදුකරන ලබන ක්‍රීඩා ක්‍රියාකාරකම මත ඔබ මෙම බ්රා විශේෂය තෝරාගන්න.කඳු නැගීම, ඇවිදීම,යෝග කිරීම වැනි ක්‍රියාවන් සදහා වෙන් වූ බ්රා ඇති අතර මලල ක්‍රීඩා,සුම්බා වැනි ක්‍රියාවන් සදහා යනුවෙන් වෙන් වූ බ්රා වර්ග ඇති අතර ඔබගේ ක්‍රියාව හරියාකාරව හදුනාගෙන ඊට උචිත බ්රා විශේෂය තෝරාගැනීමට ඔබ අවධානය යොමු කරන්න.


3.Pushup Bra





මෙමගින් ඔබගේ පපු ප්‍රදේශය පිරිපුන් බවකින් පෙන්වා තැබීමට උපකාරී වෙයි.පපු ප්‍රදේශයේ ඇති පටියට ඉහළින් බ්රාකප් එක ස්පොන්ච් වැනි දෙයකින් පුරවා ඇති බැවින් ඔබගේ පහතට වැටි ඇති පියයුරු ඉහළට ඔසවා තබා රවුම් හැඩයෙන් යුතු පියයුරු යුවලක් බවට පෙන්වීමට මෙය උපකාරී වෙයි.එමෙන්ම සරාගී බවින් යුතු පියයුරු සගලක් පෙන්වීමට කාන්තාවන් වැඩි වශයෙන් මෙම බ්රා විශේෂය තෝරාගනු ලබති.මෙහි පපුව වටේ යන පටිය ආසන්නයේ ඇති වයරය නිසා ඔබේ ඇග හැඩකොට පෙන්වීමට හැකියාව ලැබී ඇත.


4.Padded Bra






මෙම බ්රා විශේෂය වඩාත් උචිත වන්නේ කුඩා පියුරු ඇති කාන්තාවන් හටයි.මෙහි ප්‍රමාණයෙන් හා ඝනකමින් වැඩි ස්පොන්ච් ලේයරය ඇති බ්රා කප් සහිත බ්රා එක කුඩා පියයුරු ඇති කාන්තාවන්ට ගැලපෙන අතර ඝනකමින් අඩු ස්පොන්ච් ලේයරය සහිත බ්රා කප් සහිත බ්රා එක සාමාන්‍යයෙන් මදක් විශාල පියයුරු ඇති කාන්තාවන්ට ගැලපෙති .මෙම බ්රා එකෙන් කාන්තාවන්ට පුර්ණ පෙනුමක් ලබාදීමට හැකියාව ලැබෙති.


5.Strapless Bra






මෙය පපු ප්‍රදේශය දරාගෙන සිටින පටියක් නොමැති බ්රා එකක් වන අතර මෙය පපුව වටා ඇති පටියෙන් ඔබගේ ඇගට සම්බන්ධවී තියෙයි.එමෙන්ම සමහර මෙවෙනි බ්රා වල පියයුරු ආවරණය වන කප් එක වටා ඇගට ඇලෙන සුළු පටි විශේෂයක් යොදාගනිමින් නිර්මාණය කර ඇත.එමගින් මෙම බ්රා එක පහලට රූට ඒමක් සිදු නොවන අතර මෙය විශේෂ උත්සව අවස්ථාවකට හැර නිතරම භාවිතයටනම් සුදුසු නොවනු ඇත.


6.Lace Bra






මෙම බ්රා විශේෂය මනා පෙනුමකින් සහ සුන්දරත්වයකින් යුතුය.බොහෝ විට මෙම බ්රා මගින් පියයුරු වල රදා පැවතීම හෝ හැඩය ආරක්ෂා කිරීමක් සිදු නොවන අතර ඔබගේ යට ඇඳුමෙහි අලංකාරය පෙන්වීමට භාවිතා කරනු ලැබෙති.මෙම බ්රා විශේෂය භාවිතා කිරීමේදී ඔබගේ තනපුඩු ඔබ පිටතින් අදින ඇඳුම තුළින් ප්‍රදර්ශනය වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් ඒ සදහා ඔබ අමතර බ්රා පෑඩ් බාවිතා කල යුතුය.




7.Halter Bra






මෙම බ්රා විශේෂය කරපළල් ටී -ෂර්ට්ස් වැනි ඇදුම් සමඟ ඇදිය හැකිය.විශේෂයෙන්ම ඔබ විලාසිතාවකට අනුව යට ඇදුම් භාවිතාකරන යුවතියක් ලෙස මෙම විලාසිතාව උඩ ඇදුමක් නොමැතිව උවද භාවිතා කල හැක.



8.Soft Padded Bra








මෙය ටී -ෂර්ට්ස් බ්රා හා සමාන වන අතර ඉතාමත් සුව පහසුය.පපු ප්‍රදේශයේ පටිය සහ වයර් වලින් නිර්මාණය කර ඇති මෙම ඇගලුම් ඔබගේ එදිනෙදා රාජකාරි අවස්ථාවන් සදහා වඩාත් සුව පහසුය.


BraBar



9.Stick On Bra








මේවා සිලිකන් යොදාගනිමින් නිර්මාණය කර ඇති බ්රා විශේෂයක් වන අතර සාමාන්‍ය බ්රා මෙන් ඔබට භාවිතා කිරීම අපහසු වනු ඇත. එහෙත් සිරුරේ පිටුපස ප්‍රදේශය නිරාවරණය වන ආකාරයෙන් ඔබ තෝරාගත් ඇඳුමක් වෙනුවෙන් මෙය බොහෝ සෙයින් උචිත වේ.බොහෝ උත්සව අවස්ථා සදහා සහභාගිවන ඔබට මෙය වඩා ගැලපේ.




10.Bandeau Bar





මේවාට ටියුබ් ටොප්ස් කියාද කියනු ලැබේ.මෙයට උරහිස් පටි අන්තර්ගත නොවන අතර විලසිතා ලෙසින් මේවා භාවිතා කල හැක.පිටුපසින් ගැට ගැසීමට අලංකාර රිබන් වැනි දේවලින් නිර්මාණය වූ බ්රා වගේම පපුවේ ඉහල සහ පහළ ඉලාස්ටික් ආධාරයෙන් ඔබගේ පපුවෙහි බර දරාගැනීමට පුළුවන.බොහොවිට මේවා සෙටින් සහ ලේස් රෙදි වලින් නිර්මාණය වී තිබේ.





11.Shelf Bra






මෙම බ්රා විශේෂය ඔබට සාමාන්‍ය ජිවිතයේ නිදහසේ සිටින අවස්ථාවකදී පාවිච්චි කිරීමට සුදුසුය.පපු ප්‍රදේශය ලේස් වලින් පමණක් ආවරණය කරන මෙම විලාසිතාව සැහැල්ලු අවස්ථාවන් වල භාවිතයෙන් ඔබගේ සිරුරට නිදහසක් ලබාදෙයි.





12.Balconette Bra





පුළුල් වූ උරහිස් පටි සහ පපු ප්‍රදේශය හොදින් ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම බ්රා විශේෂය කාන්තාවන්ට වඩාත් සුන්දර පපු ප්‍රදේශයක් පෙන්නුම් කිරීමට උපකාරී වේ.සිරුරේ හැඩය ඔප් නංවන අතරම පපු ප්‍රදේශය රවුම් හැඩයෙන් පෙන්වා මදක් පිරිපුන් පපු ප්‍රදේශයක් පිළබිඹු කරයි.ශරීරයට බොහෝ සුව පහසු බ්රා විශේෂයක් වන අතරම රාජකාරි කරන කාන්තාවන්ගේ විශේෂම තොරගැනිමක්ද වේ.





13.Longline Bra





නමට උචිත වන ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙම විලාසිතාව කාන්තා ශරීරයේ නාභිය අසල සිට ඉහළට විහිදෙන ලෙස නිර්මාණය කර ඇත.මෙය කාන්තාවන්ගේ පිටුපස ප්‍රදේශයේ අසොභන ලෙස එල්ලා වැටෙන මස්පිඩු සගවා තබා ශරීරයට හැඩයක් එකතු කිරීමට උපකාරී වේ.




14.Sheer Bra



මේවා ඔබගේ ශරීරය විනිවිද පෙනන ලේස් වලින් බොහෝ විට නිර්මාණය කර ඇත.තනපුඩු ආවරණය වීමක් හෝ නොමැති මෙම බ්රා විශේෂයද බොහෝවිට අලංකාර ඇදුම් මෝස්‌තර සදහා වඩාත් ගැලපේ.



15.Racerback Bra




මේවා සාමාන්‍ය බ්රා විලාසිතා නොවන අතර sports bra හා සමානය. විශේෂත්වය වන්නේ මෙහි පිටුපස කර පටි සදහා ලේස් වැනි අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර තිබීමයි.නිදහස් ගමන් බිමන් යාමකට හෝ පහසුවෙන් නිදහසේ සිටින අවස්ථාවන් සදහා මෙය උචිතය.



16.Demi Bra



මෙම විලාසිතාව එල්ලා වැටෙන පියයුරු වලට උචිත නොවේ.ගනකමින් යුතු පියයුරු ඇති යුවතියන්ට මෙය වඩාත් උචිතවන්නේ ඔවුනට එමගින් තම පියවුරු තව දුරටත් පිරිපුන් බවින් තබාගත හැකි වන නිසාය.




17.Underwire Bra




ඝනකම් කම්බි විශේෂ වලින් සහ මේ වනවිට ප්ලාස්ටික් වැනි අමුද්‍රව්‍ය යොදාගනිමින් නිර්මාණය කර ඇති වයරයක් පපුවෙහි පටිය ප්‍රදේශයෙන් පපුවට හිරවන ලෙස නිර්මාණය කරන මෙම විලාසිතාව නිසා බොහොමයක් කාන්තාවන්ගේ එල්ලා වැටුන පියයුරු ඉහළට ඔසවා තබන ආකාරයක් පෙන්වීමට මෙම බ්රා විශේෂයට හැකියාවක් ලැබීම නිසා බොහොමයක් කාන්තාවන්ගේ ප්‍රියතම තෝරා ගැනීමකි.පපු ප්‍රදේශයද හොදින් ආවරණය වන මෘදු ස්පොන්ච් ලේයරයක් තිබෙන බැවින් පපු ප්‍රදේශයට රවුම් හැඩයක් ලබාදී සුන්දරත්වය වැඩි කිරීමට උපකාරී වේ.




18.Front Open Bra




සමහර කාන්තාවන් තම සුන්දර පපු ප්‍රදේශය නිරාවරණය වන පරිදි මෝස්‌තර නිරුපණයට ප්‍රියතාවයක් දක්වති.එම කාන්තාවන්ගේ ප්‍රියතම තෝරාගැනීමක් වන මෙම විලාසිතාව කාන්තාවන්ගේ පියයුරු වල ඉදිරිපස බොහෝ ප්‍රමාණයක් නිරාවරණය වන ආකාරයෙන් නිර්මාණය කරයි.බොහෝ පැරණි බ්රා මෝස්තරයක් වන මෙය තවමත් ලෝකයේ සරාගී කාන්තාවන්ගේ ප්‍රියතම තෝරා ගැනීමකි .




19.Convertible  Bra

 



මේ වනවිට ලෝකයේ යට ඇදුම් සදහාද විවිධ අත්හදා බැලීම් කරමින් පවතින අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි නිර්මාණ බිහිවී ඇත.මේවා සාමන්‍ය මහන මැසිමක් උපයෝගී කරගෙන මසන බ්රා එකකට වඩා වෙනස් ආකාරයේ බ්රා විශේෂයකි.ඊට හේතු වන්නේ එයට ගම්විශේෂයක් උපයෝගී කරගෙන ඇඳුමෙහි කොටස් එකින් එක අලවා ගෙන සාදන ඇඳුමක් වීමය.මෙයද ඔබට සාමාන්‍ය යට ඇදුමක් සේම ප්‍රයෝජනයට ගත හැකි අතර මෙහි ඇති විශේෂම වාසිය වන්නේ අනෙක් බ්රා වල මෙන් ඇඳුමෙහි මැහුම් වාටි නොපෙනීමයි.





20. Bridal Bra 






ඔබේ ජීව්තයේ සුන්දරම දිනය විවාහ වන දිනයයි.එදිනට ඔබට ඔබගේ සැහැල්ලුව සහ පහසුව වෙනුවෙන් තෝරාගත හැකි බ්රා විශේෂයකි.ලේස් සහ සෙටින් වලින් නිර්මාණය වන මෙම බ්රා කාන්තාවන්ට අපුරු සුන්දරත්වයක් ගෙනදෙයි.




21.Wireless Bra





මෙය ඉතාම සුවපහසු බ්රා විලාසිතාවක් වන අතරම එහි පපු පටියට ඉහලින් ඇති වයරය ඉවත්කර ඇත.මෙමගින් පියයුරු පහතට එල්ලා වැටීමේ ප්‍රවණතාවය තීරණය වන්නේ ඔබ විසින් එය අඳින වාර ගණන සහ අවස්ථාවන් අනුවයි.නිදහස්ව සිටින අවස්ථාවන්වලදි නම් මෙය වඩාත් උචිතය.




22. Full Support Bra.




විශාල සහ පියයුරු වල පැල්ලම් ඇති කාන්තාවන්ට මෙය වඩාත් සුදුසුය.හොදින් පපු ප්‍රදේශයම ආවරණය වන අතරම පපු ප්‍රදේශය ඉහලට ඔසවා තබා හැඩකාර පපු ප්‍රදේශයක් පෙන්වීමට මෙම විලාසිතාව උපකාරී වේ.





23.Maternity Bra




ඔබ කිරිදෙන මවක් වූ විට මෙම බ්රා විශේෂය ඔබට ඉතාමත් පහසුවක් ගෙනදෙනු ඇත.කිරිදෙන කාලසීමාවේ ඔබගේ විශාලවන පියයුරු හොදින් දරා සිටීමටත් දරුවට ඔබගේ කිරි උරාබීම පහසුවන ආකාරයටත් නිර්මාණය වූ බ්රා නිර්මාණය කර ඇති අතර මේවා ටිකක් මිල ගණන්වලින් ඉහළ මුත් වසරක් පමණ ඔබට මේවා එක දිගටම පාවිච්චි කිරීමට හැකි බැවින් ඔබගේ පපු ප්‍රදේශයේ ඇතිවන අවලස්සන එල්ලා වැටීම් අවම කරගැනීමට උපකාරීවේ.




24.transparent bra.





ඔබ ලා පැහැති ඇදුම් භාවිත කරන විට ඔබට මෙවැනි බ්රා පාවිච්චි කලහැක.විනිවිද පෙනෙන අමුද්‍රව්‍ය වලින් මෙය නිර්මාණය කර ඇති අතර බැලු බැල්මටම ඔබ බ්රා එකක් ඇඳ නොසිටිනවායයි සිතෙන්නටද පුළුවන.අත් රහිත ඇඳුම් ප්‍රිය යුවතියන්ට මෙය වඩාත් උචිතය.



25.Silicone Bra




බොහෝ කුඩා පියයුරු ඇති කාන්තාවන්ට මේවා සුදුසුය.කප් දෙකකින් පමණක් පපු පෙදෙස ආවරණය වන මෙයද පිටුපස නිරාවරණය වූ විලාසිතා කරන යුවතියන්ට බොහෝ විට ගැලපේ.




26.Seamless Bra


හොදින් තනපුඩු ආවරණය වන නිමාවකින් යුතු මෙම බ්රා විශේෂය ඔබ ටී -ෂර්ට් වැනි විලාසිතා කරන අවස්ථාවලදී වඩාත් උචිත වේ.මෘදු රෙදි වලින් නිර්මාණය කල ඇඳුම් අඳින ඔබටද මෙය සාර්ථකව ඔබගේ යට ඇඳුමෙහි ඇති මැහුම් වාටි සගවා ඔබට සුන්දර පපු පෙදෙසක් හිමිකර දෙයි.





27 Built -In -Bra


බිල්ට් බ්රා,කැමි සෝල් ,කැමි ඒ සියල්ලම එකම ආකාරයේ විලාසිතාවකි.මෙහි ඔබට වෙනමම බ්රා එකක් ඇඳීමට අවශ්‍ය නොවන අතර බ්රා එකත් සහිතවම මෙය නිර්මාණය වී තිබේ.පහසු සැහැල්ලු ඇඳුම් විලාසිතාවක් ලෙස බොහෝ යුවතියන් අතර මෙය ජනප්‍රියවේ.





28.Plunge Bra




ගැඹුරු කර සහිත ඇඳුම් මෝස්‌තර භාවිතා කරන යුවතියන් අතර මෙය ඉතා ජනප්‍රිය වේ.ඉතාමත් ගැඹුරට නිරාවරණය වන ලෙස ඉදිරි පපු පෙදෙස නිර්මාණය කර ඇත.පපු පෙදෙස ඉහළට ඉස්සෙන ලෙස නිර්මාණය කර ඇති මෙය සුන්දරත්වය ඉහළ නැංවීමට බොහෝ උපකාරී වෙයි.





29.cupless bra



මෙය මෝටර් රථයක චැසිය හා සමාන වේ.මෙහි ඉදිරිපස ආවරණය නොමැති අතර පපු ප්‍රදේශය දරා සිටින පපුවේ පටිය සහ උරහිස් පටි වලින් නිමවී ඇත. බොහෝ විට මෙවැනි විලාසිතා මෝස්‌තර නිරූපනයට යොදාගනු ලබති.




30.Bralette



මෙය ඉතාමත් පහසු විලාසිතාවකි.ඔබ යට ඇඳුමක් ඇඳගෙන සිටිනවා යයි නොසිතෙන ආකාරයට මෙය ඔබට සුව පහසු වේ.උරහිස් පටි,බ්රා කප් ,වයර් ආදිය කිසිවක්ම නොමැතිව යුවතියන්ට නිදහසේ සිටින අවස්ථාවන්වලදී භාවිතයට අපුරුවට ගැලපේ.


(මෙය ඔබ උපුටා ගන්නේ නම් අපගේ post එකේ link එක සමඟින්  අනිවාර්යයෙන්ම  share කල යුතුයි )

Post a Comment

0 Comments