Subscribe Us

හදුනා නොගත්තොත්...ඔබ වනසන ඔබේම මිතුරා...

        




                                  

                     ෆේස්බුක් අද වනවිට මිනිසුන්ට නැතිවම බැරි සමාජ මාධ්‍යක් බවට පත්වී අවසානය. එය නොදන්නේ අලුත උපන් දරුවන් පමණක් යයි කිවොත් ඔබද පුදුම නොවනු ඇත.එපමනකටම එය ලොව පුරා ප්‍රචලිත සමාජමාධ්‍යකි .


අප භාවිත කරන ඕනෑම දෙයක් එය භාවිත කරන ආකාරය අනුව එයින් ලැබෙන ප්‍රතිඵලය වෙනස් වන්නට පුළුවනි .එයින් ලැබෙන නිසි සහ අනිසි ප්‍රතිඵලවල වගකිවයුත්තා වන්නේද එය භාවිතා කරන ඔබමය.ඔබ ෆේස්බුක් භාවිත කිරීමේදී ඔබ එහි ඇබ්බැහිවන්නේ කුමන දේවල්  සදහාද කියා තීරණය වන්නේ ද ඔබගේම ක්‍රියාකලාපයන් අනුවමය.

ඔබ විසින් ඔබේ ෆේස්බුක්  ගිණුමට එකතුකරගන්නා මිතුරන් පිළිබඳව තීරණය ගැනීමේ සම්පුර්ණ අයිතිය ඔබ සතුවන අතර එයින් සිදුවන අනිසි බලපෑම්වලින්ද ආරක්ෂාවීම ඔබේම වගකීමකි.එවැනි අනවශ්‍ය මිතුරු සබදකම් නිසා ඔබට සිදුවන අපහාස හෝ උපහාස ද බලපෑම් ආදී ඕනෙම දෙයකින් ආරක්ෂාවීමට ෆේස්බුක්  භාවිතයට පෙර ඔබ  දැනුවත්විම තුලින් ඔබට සිදුවන අනවශ්‍ය කරදර වලින් මගහැර සිටීමට  අවස්ථාවක් උදාවෙති .






                Photo by Nghia Nguyen on Unsplash



 බොහොමයක්  පුද්ගලයින් ඔවුන් යන එන ගමන් බිමන් පිළිබඳව , අඳින පළදින ආකාරය මෙන්ම විලාසිතා කරන ආකාරයත් මෙම ෆේස්බුක් ගිණුම තුළින් පෙන්වා තමන් සිටින සමාජ තලය නිරූපණය කිරීමට උත්සාහ කරනු ලබතී . ඒ තුළින් ඔවුන් සමාජයේ විවිධ මට්ටම් නියෝජනය කරන අය බව ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට හෝ සමාජයට ඒත්තු ගැන්වීමට සිතනවා විය හැකියි. එහෙත් බොහෝ අවස්ථාවන් වල දී අවබෝධ කරගත යුතු කාරණාවක් වන්නේ ෆේස්බුක් ගිණුම හරහා මුදාහරින්නේ අප විසින් මුදා හැරිය යුතුම ආකාරයේ ඡායාරූප ද යන්න බවයි.



ඔබ විසින් එලෙස මුදාහරිනු ලබන ඡායාරූප හෝ වීඩියෝ පට ආදිය සඳහා ඔබේ මිතුරු මිතුරියන් විවිධ අදහස් පළ කරනු ලබන අතර එම අදහස් සතුටුදායක ඒවා සහ ඔබව දුකට මෙන්ම පීඩාවට ද අපහාසයට ද ලක් කරන අවස්ථා තිබෙන්නට පුළුවන. ඇතැම් අවස්ථාවල ඔබ ෆේස්බුක් වෙත මුදා හරිනු ලැබූ ඡායාරූප හෝ වීඩියෝ ඔබේම හිතමිතුරන්ගේ සිත් පීඩා ඇති කරන දේවල් වන්නටද පුළුවන. ඔබ සාදන ලද නිවස හෝ ඔබ විසින් මිලදී ගනු ලැබූ යානවාහන දැකීම තුළින් හා ඔබ යන ගමන් බිමන් හා අඳින පළඳින විලාසිතා තමන්ටද කිරීමට හෝ විදීමට අවස්ථාවක් උදා වෙනවා නම් හොඳ යැයි සිතමින් චිත්ත පීඩාවට පත් වනවාද විය හැකියි.


එමෙන්ම පෞද්ගලික ජීවිතයේ සියලුම දේ ෆේස්බුක් මාධ්‍යට මුදා හැරීම තුලින් ඔබගේ ජීවිතයට අනිසි අන්දමේ බලපෑම් ඇතිවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි බව තරයේ මතක තබා ගත යුතු කරුණකි. ඔබගේ ෆේස්බුක් ගිණුම හරහා එකතු කරගන්නා මිතුරන් පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුත්තේ එබැවින් බව සිතිය යුතුමය. සමහර අවස්ථාවන් වල ෆේස්බුක් හරහා පෙනී සිටින ඇතැම් පුද්ගලයන් ඔබව මුලාවට පත් කළ හැකි ව්‍යාජ ගිණුම් ආරම්භ කර ඔබ හා මිතුරු වෙස් මවාගෙන සිටිනවා වන්නට ද පුළුවන.


අනවශ්‍ය ආකාරයෙන් ෆේස්බුක් ගිණුම් තුල රැඳී සිටිමින් කාලය කා දැමීම තුළින් ඔබගේ රන් හා සමාන කාලය විනාශ කර ගැනීමත්, මුදල් විනාශ කර ගැනීමත් සිදුවන බවද තේරුම් ගත යුතුය. ඇතැම් තරුණ දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු පවා මෙවැනි ෆේස්බුක් ගිණුම් තුළ රැඳී සිටිම නිසා අඩාල කර ගන්නා බව ද වාර්තා වී ඇත.



Photo by Austin Distel on Unsplash

අඹු සැමි සබඳතා දෙදරා යෑම, අන්නොන්‍ය විශ්වාසය බිඳවැටීම, දරුවන්ගේ සහ දෙමාපියන් අතර දුරස්ථභාවයන් ඇතිවීමට පවා මෙම ෆේස්බුක් ගිණුම් හේතු වූ අවස්ථා මෑත කාලයේ දී ද දක්නට ලැබුණි. ෆේස්බුක් ඔස්සේ ඇතැම් විවිධ දුරාචාරයන්ට සහ අහිතකර දේ සඳහා පොළඹවා ගැනීමට උත්සාහ කරන පුද්ගලයන්ද සිටින බව නොරහසකි. එම නිසා ෆේස්බුක් භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබ ඒ පිළිබඳව බුද්ධිමත්ව කටයුතු කළ යුතු ම ය.


ඔබ ඔබේ ජීවිතය ෆේස්බුක් එක හරහා අලෙවි වන්නට ඉඩ නො තැබිය යුතුමය. ඔබේ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයෙන් හොද ෆේස්බුක් ගිණුමක් භාවිතා නොකරන්නේ නම් ඔබට මුහුණ දීමට සිදු වන ගැටලු සමුදාය ඔබටම සිතා ගන්නට නොහැකි වනු ඇත. එමෙන්ම ඔබ අන්තර්ජාලයට යමක් මුදා හැරීමට පෙර එක වරක් නොව දෙපාරක් සිතා බැලිය යුතුමය .එයට හේතුව වන්නේ ඔබ මෙලෙස මුදාහරිනු ලැබූ ඡායාරූප හෝ වීඩියෝ පටය අනවශ්‍ය යැයි සිතා ඔබ විසින් ඉවත් කළ ද සමහර විට ඔබ ප්‍රමාද විය හැකිය. එය යම් තැනක save වී තිබෙන්නට පුළුවන. එම නිසා ඔබ බුද්ධිමත්ව ම ඔබගේ ඡායාරූප වීඩියෝ පට ෆේස්බුක් ගිණුමට මුදා හැරීමට බුද්ධිමත් වන්න.තවත් අයකුට නින්දා අපහාස කරන්නට හෝ සදාචාර සම්පන්න නොවන ආකාරයට හැසිරීමට ෆේස්බුක් ගිණුම භාවිතා නොකරන්න. ඉක්මනින් ඕපාදූප පතුරුවා හරින මාධ්‍යයක් බවට අද ෆේස්බුක් පත්වී අවසානය. සමාජ ජීවිත වල ඉදිරි ගමනට අත දෙන සාධකයක් ලෙස ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට හැකියාවක් ඇත්නම් එය මහත් ප්‍රයෝජනවත් දෙයක්ද වනු ඇත.





                                          

                                                            Photo by Solen Feyissa on Unsplash



ෆේස්බුක් ගිණුම යහපත් ආකාරයෙන් භාවිතා කරන්නේ නම් එයින් ඔබට ලැබෙන ප්‍රතිලාභ රැසක් ද ඇත.


ඔබේ සමීප මිතුරකු හෝ මිතුරියක ඔබේන් දුරස් වී යන්නේ නම් ෆේස්බුක් ගිණුම ඔස්සේ දුරස් වී නොයා රැක ගැනීමට ද ඔබට හැකියාව ඇත.


එමෙන්ම දිනෙන් දින අලුත් වන ලෝකය පිළිබඳව තොරතුරු ඔබට සොයාගත හැකිවනු ඇත .


විවිධ වූ දැනුම් සම්භාරයක් ද ඔබට ෆේස්බුක් ගිණුම් තුළින් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.


කාර්යබහුල ජීවන රටාවක් ගත කරන අයට තමන්ගේ මනස සහ මතයන් නිරවුල් කරගැනීමට ද ෆේස්බුක් යොදාගත හැකිය.


එමෙන්ම විවිධ කලා හැකියාවන් දියුණු කර ගැනීමටත් ෆේස්බුක් මගින් හැකියාව ලැබෙයි .


නව තාක්ෂණය අත් නොහැරිය යුතුයි. කළ යුත්තේ නව තාක්ෂණය සමඟ එක් වන දෑ බුද්ධිමත්ව පරිහරණය කිරීමයි. එමනිසා ඔබ ෆේස්බුක් භාවිතා කරන විට එය යහපත් සහ බුද්ධිමත් ලෙස පරිහරණය කිරීමට වගබලා ගන්න.


(මෙය ඔබ උපුටා ගන්නේ නම් අපගේ post එකේ link එක සමඟින්  අනිවාර්යයෙන්ම  share කල යුතුයි )

Post a Comment

0 Comments