Subscribe Us

නිර්මාණශීලි ඔබ, ඔබේම වෙළදකුටියකදී ඩොලර් හොයන විදිහ.







                     සමහර විට මේ වනවිටත් ඔයා රැකියාවක නිරතවන කෙනෙක්වන්නටද පුළුවන.සමහරවිට ඔයාගේ බිරිද, සහෝදරයා සහෝදරි රැකියාවක් අපේක්ෂාවෙන් නිවසට වෙලා ඉන්නවා වන්නත්පුළුවනි. එසේත්නොමැතිනම් ඔබ රැකියාවෙන් විශ්‍රාම ගිහින්ද? අනේ..! මට හරියට විභාගය සමත්වෙන්න බැරිවුණා කියලා කණස්සල්ලෙන් නිකරුනේ කාලය ගෙවාදමනවද? මතක තියාගන්න..ගොඩක් දියුණු වුන මිනිසුන් කාලයට වටිනාකමක් දී ඔවුන්ගේ හැකියාවට මුල්තැන ලබාදුන් නිසයි ඔවුනට අද සුපිරි මිනිසකුවීමේ භාග්‍ය උදාවී තිබෙන්නේ.මම අද ඔයාලට කියන්න යන්නේ ඔයා මොන තරාතිරමක පුද්ගලයෙක් වුවත් ඔයාගේ නිර්මාණශීලි හැකියාවට ලෝකයම අල්ලේ නටවන මුදල් ඒකකය වන ඩොලර් වලින් වටිනාකමක් දෙන්නේ කෙසේද යන රහස ගැනයි.

            අද වන විට මුළු ලෝකයම එකම වෙළද කුටියක් තුළට වී ඉල්ලුමට සැපයුම ලබාදෙන වෙළෙදුන් සහ ගැනුම් කරුවන් බවට පත්වී හමාරයි.අපද  අදවන විට ලෝකය සමඟ ගනුදෙනු කරන ජාතියක් බවඔබ හොදින්ම දන්නා කරුණකි.ශ්‍රී ලාංකික අපගේ නිර්මාණ ලෝකයේ උසස් මට්ටමේ කලාකෘතීන් බවට පත්වී හමාරය.විදේශිකයන් ශ්‍රී ලාංකීය නිෂ්පාදන භාණ්ඩ වෙනුවෙන් විශේෂ ප්‍රියතාවයක් දක්වති.එයට හේතුව වන්නේ අපටම ආවේනික වූ අනන්‍යතාවයකින් නිර්මාණ ඉදිරිපත්කිරීමේ හැකියාවක් ශ්‍රී ලාංකිකයන් තුළ ඇති බව විදේශිකයින් අදහස් කරන බැවිණි.



AliDropship is the best solution for drop shipping



මේ  වන විටත් ඔබ Amazon ,eBay  සහ ශ්‍රී ලංකාවේ ප්‍රචලිත daraz යන ආයතන පිළිබඳව නොදන්නා අයකු නොවනු ඇත.ලෝකයේ පවතින වාතාවරණයත් සමග online නිෂ්පාදන මිලදී ගැනීමද මේ වනවිට ඉහළ මට්ටමක පවතී.මම ඔබට හදුන්වාදීමට යන්නේ ඔබගේ නිර්මාණශීලි හැකියාවට ඉහළ වෙළද වටිනාකමක් ලබාදෙන ආයතනයක් වන REDBUBBLE ආයතනය පිළිබඳවයි.



මොකද්ද මේ Redbubble කියන්නේ?



Redbubble යනු online භාණ්ඩ හා සේවාවන් සපයන ආයතනයකි.එය 2006 වර්ශයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී ආරම්භ වී ඇති අතර සැන්ෆ්‍රෙන්සිස්කෝ සහ බර්ලින්  යන නගර දෙකේ ද කාර්යාල දෙකක් පවත්වාගෙන යනු ලබයි. මෙහි ආරම්භකයින් ලෙස Martin Hosking, peter styles සහ Paul Vazella  යන  අයවලුන් වන අතර මෙම ආයතනයේ වාර්ෂික ආදායම Australian dollar මිලියන 115 පමණ විශාල එකකි.




මොනවද  Redbubble එකේ විකුනන්නේ?

  

එහි ඔබ එදිනෙදා පාවිච්චියට ගන්නා විවිධ භාණ්ඩ, විවිධ විලාසිතා සහිත ඇදුම්වර්ග , බැග් , තිරරෙදි ,ඇඳරෙදි , ඔරලෝසු, බිත්තිසැරසිලි , වැනි බොහොමයක්  නිර්මාණ ඔබට අවශ්‍යආකාරයට තෝරා ගතහැකි ස්ථානයකි.







 Redbubble එකේ මටත් වෙළදකුටියක් ආරම්භ කර වෙළදාම් කරන්නට පුලුවන්ද?


අන්න එක තමයි හොදම ප්‍රශ්නය .එකේ අපිට අපේම නිෂ්පාදන කිසිම වෙහෙසකින් තොරව අලෙවිකරන්න පුළුවන්. අපිට අවශ්‍ය ඕනෑම නිර්මාණයක් අපිට එකේ කරන්න පුළුවන්. අපි eBay වගේ තැනක අපේ නිෂ්පාදන අලෙවිකරන්න ගියොත් අපිට වෙනමම අපේ නිෂ්පාදන ගැන ප්‍රචාරය , ප්‍රවර්ධනය කරන්න වෙනවා.එහෙත් Redbubble එකේ එහෙම නැහැ.අනික අපි අපේ නිෂ්පාදනයක් උදාහරණයක් ලෙස ගත්විට; හිතන්න ඔබ ටී  ෂර්ට්  නිෂ්පාදනය කරන්නේක්නම් ඔබ එම ඇදුම මහල එක අවසානේ එය මිලදීගන්නා අතට පත්වන තුරුම විශාල පිරිවැයක් දරන්නට සහ වගකීමක් දරන්නට සිදුවෙනවා. එහෙත් Redbubble හිදී අපිට එවැනි අවදානමක් නැහැ.අපි අපේ නිර්මාණය අපේ වෙළද කුටියේ ප්‍රදර්ශනය කලවිට Redbubble වෙත නිරන්තරයෙන් එන ගැණුම්කරුවන්  ඔබගේ නිර්මාණය මිලදීගත් විට Redbubble ආයතනය ඔබගේ නිර්මාණයට ඔබවිසින් නියම කල වටිනාකම ඔබට ගෙවා ගැනුම්කරුට   අවශ්‍ය සේවාව  ඔහුගේ නිවසටම ලබාදෙනවා.ඉතින් ඔබේ නිර්මාණයට ඔබ විසින් නියම කල වටිනාකම ඔබට ආයාසයකින් තොරව ලබාගන්නට හැකිවෙනවා නේද? 




Redbubble එකේ නීති රීති තියෙනවද?



ඔව්, මෙම Redbubble ආයතනය උසස් නිර්මාණ ඉදිරිපත් කරන්නන් වෙනුවෙන්ම බිහිවූ ආයතනයක් බැවින් ඔවුන්ගේ විශේෂ නීති රීති ප්‍රමාණයක් තිබෙනවා.එහිදී ඔබ විසින් වෙනත් අයෙක් විසින් සිදුකරනු ලැබූ නිර්මාණයක් Redbubble වෙළද කුටිය තුළ ප්‍රදර්ශණය කළහොත් ඒ අවස්ථාවේදීම ඔවුන් ඔබගේ නිර්මාණය ඉවත්කිරීමට තරම් කාර්යක්ෂමතාවයකින් ක්‍රියාකරනවා.එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔබටම ආවේනිකවූ ස්වනිර්මාණ ඉදිරිපත් කරන්නන් වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍යතාවයට ගරුකිරීම උසස් ගුණාංගයක් බව සිතීමයි. ඔබ යම් අවසථාව වෙනත් පුද්ගලයකු විසින් සිදුකරන ලද නිර්මාණයක් ඔබගේ නමින් වෙළදපලතුල අලෙවියට යොමුකළහොත් එය උපුටාගත්  (copyright) නිර්මාණයක් බව තහුරුකර ඔවුන් ඔබගේ නිර්මාණය වෙලදපලින් ඉවත්කරනු ලබනවා.එකම ආකාරයෙන් ඔබ නැවත නැවත එවෙනි වගකීම් විරහිත උපුටාගැනීම් (copyright) ඔබ වෙළදපලතුල අලෙවියට යොමු උවහොත් ඔබ උපාය ඇති මුදල හෝ ඔබට ලබා නොදී ඔබගේ වෙළදකුටිය වසාදමා ඔබගේ ගිණුම අවලංගු කිරීමට කටයුතු කරනවා.එබැවින් අප එහි නිර්මාණ කාර්යයේ නියෙලෙන විටදී අපගේ රටේ නමද ආරක්ෂාවන කාරයෙන් සහ අප රටේ මෙවෙනි නිර්මාණ කරන අනෙක් අයගේ ගෞරවයද ආරක්ෂාවන පරිදි හැසිරිය යුතුමයි.එයට හේතුව වන්නේ නිර්මාණ කාර්ය තුළින් අප රටේ යම් පුද්ගලයකුට එයින් යම් මුදලක් උපයාගැනීමට අවස්ථාව අප අහිමි නොකළ යුතු බැවිනි..එබැවින් ඔබ Redbubble හී නිර්මාණකරුවකු වන්නට අදහස් කරන්නේනම් ඔබ සතු දක්ෂතාවය හදුනාගෙන අනෙක් අයටද එහි නිසි ගෞරවය ලැබෙන ආකාරයෙන් හැසිරිය යුතුයි.එසේ නොවුනහොත් ශ්‍රී ලාංකික ජනතාවට එම වෙළදපලතුල වෙළදාම් කිරීමට ඔවුන් ලබාදී ඇති අවස්ථාව සම්පුර්ණයෙන්ම අහිමි කිරීම තුලින් ලංකාවට ලබාගත හැකි විදේශීය අදායමක් අහිමි කරන පුද්ගලයකු බවට ඔබ පත්වනු ඇත.




කොහොමද  Redbubble එකේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ?


  එක හරිම ලේසියි .ඔබට කිසිම මුදලක් වැයවන්නේත්  නැහැ. ඔබ මෙම link එක ඔස්සේ redbubble  වෙබ්අඩවිය ඔස්සේ පිවිස ඕනෙම අවස්ථාවක එහි ලියාපදිංචි වී ඔබගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කලහැකියි. ඔබට අවශ්‍ය ඕනෙම ප්‍රශ්නයක් ගැටළුවක් විසදාදෙන්නට Redbubble  සේවකයින් ඉතා කාරුණිකව  සැදී පැහැදීසිටිනවා





Redbubble කරන්න ඉංග්‍රීසි දැනුම අවශ්‍යමද?


කොහෙත්ම නැහැ.ඔබ මොන තරාතිරමක අයෙක් වුවත් ඔබට පහසුවෙන්ම අදායකම් උපයාගත හැකි හොදම අවස්ථාවක්  Redbubble කියන්නේ.



Redbubble එකේ වෙළදාම් කරන අය ගොඩක් ඉන්නවද?


ඔව්,අපේ ශ්‍රී ලංකාවෙත් ගොඩක් අය එතන වෙළදාම් කරනවා.විදේශීය රටවල අයද ඇතුළුව ලක්ෂ ගණනක් නිර්මාණ එතන කරන අය ඉන්නවා.ඒ වගේම දිනකට අලෙවියත් ඒ හා සමානවම සිදුවෙනවා.




Redbubble එකේ වෙළදාම් කරලා ලාභ ලබපු අය ඉන්නවද?


ඔව්,එහෙම සහතික කරන්න පුළුවන් අය ඕනෑ තරම් ඉන්නවා.එහි ලාබය ශ්‍රී ලංකික අපට ලැබෙන්නේ ඩොලර් වලින් නිසා දිනකට රුපියල් 500ක් වගේ අදායමක් කිසිම මහන්සියකින් තොරව උපයන්න පුළුවන්.(500ක් ලෙස මම කියන්නේ අවමය.එය ඔබේ නිර්මාණය මිලදී ගන්න ගැනුම් කරුවන් ප්‍රමාණය මත රුපියල් ලක්ෂයක්ද විය හැකි)අපිට වැය කරන්නට වුවමනා  වන්නේ අපගේ නිර්මාණය කිරීමට ගතවන කාලය සොයාගැනීම පමණයි.ඒ සදහා ඔබ වෙනත් රැකියාවක නිරත වී සිටින අයෙක් වුවද නිවසට පැමිණියට පසුව ඔබට නිදහසක් ලැබුණ අවස්ථාවක ඔබට ඔබේ නිර්මාණය කර විකිණීමට ඉදිරිපත් කල හැකියි.ඔබ ඉදිරිපත්කරන නිර්මාණ ප්‍රමාණය අනුව ඔබගේ මුදල් ඉපයීම වේගවත් වනු ඇත.



අපි හම්බකරන මුදල් අපි ලබාගන්නේ  කොහොමද?


එකත් හරිම ලේසියි. Redbubble ආයතනය කියන්නේ වසර ගණනාවක් නිර්මාණකරුවන් සමග ගනුදෙනු කරන ආයතනයක්.එහෙම ලොකු නිර්මාණකරුවන් පිරිසක් සහ ගැනුම් කරුවන් පිරිසක් ඔවුන් වටා එකතුවීමේ රහස ලෙස ඔවුන් පවසන්නේ ඔවුන් කියන දේ හරියටම කරන පුද්ගලයින් බැවින් ඔවුන්ව විශ්වාස කරන අය ඔවුන් හා ගනුදෙනු කරන බවයි.එම විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යමින් ඔවුන් අප උපයන මුදල අපට ලබාගැනීමට අවශ්‍ය යැයි දැන්වූ විට ඔවුන් අපට, අපේ රටට මුදල් ලබාදිය හැකි නිත්‍යානුකුල මාර්ගයක් ඔස්සේ අපේ ගිණුමට මුදල් බැරකරනු ලබනවා.


 

     වේගයෙන් දියුණු වන ලෝකයක තාක්ෂණය ඇසිපිල්ලම් ගසන වේගය හා සමවෙමින් දියුණු වෙමින් පවතින බැවින් අපට හැකි අවස්ථාවක අප අපේ අනාගතය වෙනුවෙන් අදායම් මාර්ගයක් නිර්මාණය කරගත යුතුමයි.දිනක ඔබ කුමන රැකියා අර්බුධයකට මුහුණ දුන්නද ඔබගේ නිර්මාණශීලි භාවය  කිසිවෙකුට විනාශකළ නොහැක.කාලය නිකරුනේ ගෙවා දමමින් සමාජ මාධ්‍ය වල ඇති නිෂ්ඵල දේ නැරඹීම වෙනුවෙන් ඔබගේ ධනය වියදම් කරනවා වෙනුවට ඔබට, ඔබේ අනාගතයට යහපතක් කරගත හැකි අදායම් මාර්ගයක් සකසා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුය.අපව වෙනස් වන්නටනම් අප හිතන විදිහද වෙනස් විය යුතුමය.අනුන් මත යැපී ජීවත්වන්නට සිතනවා වෙනුවට තමන්ගේ හැකියාවට අවස්ථාවක් ලබාදෙන්න. මෙය ඉක්මන් මුදල් සොයන ක්‍රමවේදයක් නොවන බවත් ඉක්මන් මුදල් සෙවීමට බැරිකමක් නැති ක්‍රමයක් නොවන්නේද නැති  බවත් හැකියාවට වටිනාකමක් ලැබෙන අවස්ථාවක් බවත් ඔබට මෙන්ම ඔබගේ හිතාදරයන්ටද නිර්මාණශිලිත්වය වෙනුවෙන් පියවරක් ඉදිරියට යෑමට අවස්ථාවක් ලබාදෙමින් ඔවුනටද මෙය shear කරන්න.




(මෙය ඔබ උපුටා ගන්නේ නම් අපගේ post එකේ link එක සමඟින් අනිවාර්යයෙන්ම share කල යුතුයි )

Post a Comment

0 Comments