Subscribe Us

රැකියාවට අනුව විලාසිතා තෝරන ගැටළුවට විසදුම.

       



රැකියාවක නිරතවන විලාසිතාවට ඉතාමත් කැමති යුවතියන්ට ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමේදී බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන ක්‍රියාවක් වන්නේ ලස්සන වගේම තමන්ගෙ රැකියාවේ ස්වභාවය අනුව ඒ ඒ ඇඳුම් ගලප ගන්නේ කෙසේ ද යන ගැටළුවයි. එහෙත් එම රැකියාවේ පෞර්ෂයට හානියක් නොවන පරිදි ඇඳුම් පැලඳුම් තෝරා ගැනීමට අපි ඔබට පුංචි රහසක් කියන්නම්.







උසස් පෙනුමකින් යුත් සම්භාවනීය විලාසිතා







යම් යම් ආයතන මඟින් තම සේවකයන් සඳහා ඇඳුම් පැළඳුම් වෙනුවෙන් යම් නීති රීති පවත්නා ආයතනයක ඔබගේ රාජකාරිය කරන්නේ නම් එම වෘත්තීමය භාවය රැක දෙමින් ඔබගේ ලස්සන මැනවින් ඉස්මතු කරන විලාසිතා වඩාත් සුදුසුයි. කලිසමට යට කර අඳින බ්ලවුසය, ටයිට් සාය ජැකට් විලාසිතා, තනි පැහැති ගවුම් විලාසිතා මේවාට උදාහරණ වෙයි .එවැනි ඇඳුම් තෝරා ගැනීමේදී කළු සුදු හෝ තද වර්ණ වලට ප්‍රමුඛතාව ලබා දෙන්න. මදක් උස් වූ පාවහන් සහ අත් ඔරලෝසු ,ආභරණවලින් මෙම විලාසිතාව සඳහා උසස් පෙනුමක් ලබා දීමට හැකියාව ලැබේ.






සරල ව්‍යාපාරික පෙනුම




එදිනෙදා ජීවිතේදි ඔබ අඳින ඇඳුම් කිහිපයක් සහ ආභරණ කිහිපයක් මේ සඳහා නිසියාකාරව ගලපාගෙන ඔබට මෙම පෙනුම ලබාගත හැකියි.සාමාන්‍ය ගමනකට අඳින ඩෙනිම් කලිසමට ශිෆෝන් වැනි රෙදි වර්ගවලින් මසන ලද බ්ලවුසයක් ,සහ එයට ගැලපෙන jackets තෝරාගත හැකියි. එහෙත් ඔබගේ පෙනුමෙහි සම්පූර්ණ කමක් දැක ගැනීමට නම් අඩි උස පාවහන් යුගලක් සහ තනි පැහැති අත් බෑගයක් වඩාත් සුදුසුය.


Lani the Label




අවිධිමත් විධිමත් පෙනුම







විලාසිතා ලෝකයේ සමනලියන් මෙන් සැරිසරන යුවතියන් වැඩි රුචිකත්වයක් දක්වන්නේ මෙවන් ක්‍රමයට ඇඳුම් විලාසිතා තෝරා ගැනීමටය. එහෙත් මෙවැනි විලාසිතා ඔබගේ රැකියා ස්ථානයට සහ ඔබගේ රැකියාවේ පෞරුෂත්වයට කොතරම් ගැලපෙන්නේ ද යන්න තීරණය කලයුත්තේ ඔබ විසින්මය. විවිධ හැඩයෙන් යුත් ඇඳුම් පැළඳුම් ගැලපෙන පරිදි විම විලාසිතාවට මිශ්‍ර කර හැඩ වීමට ඔබට පුළුවන්ය. ප්‍රමාණයට වඩා මදක් විශාල තනි පැහැති ටී ෂර්ට් එකක් සමග ටයිට් සායක් තද පැහැති කලිසමක් සමග මුද්‍රිත බ්ලවුසයක් ඔබට ගළපා ගත හැකියි. මෙම විලාසිතාවෙන් හැඩ වන ඔබ සෑම විටකම අඩි උස පාවහන් යුවලක් පැළඳිය යුතු ම ය.




සරල සුළලිත විලාසිතා






සැහැල්ලු සුන්දර ගවුම් විලාසිතා ප්‍රිය කරන යුවතියන් අද සමාජයේ බොහෝ විට දක්නට ලැබේ. එම යුවතියන්ට මෙම විලාසිතාව කදිමට ගැළපෙයි. දණහිස දක්වා දිගු වූ දණහිසට මදක් ඉහළින් මෙම ගවුම් විලාසිතා තෝරා ගන්නවා නම් ඔබට ඔබේ පෙනුම වඩාත් ඔප් නංවා ගැනීමට හැකි වන අතර මේ සඳහා කෙටි ජැකට් එකක් භාවිතා කරන්නට ද පුළුවන. අඩි උස පාවහන් හෝ අඩිය වඩාත්ම උස වන සපත්තුද මේ විලාසිතාවට කදිමට ගැළපෙයි.



කැපී පෙනෙන විලාසිතා






ඔබ රැකියාව කරන ආයතනයේ ඇඳුම් පැළඳුම් වෙනුවෙන් ඇඳිය යුත්තේ කෙසේදැයි නීතිරීති පනවා නැතිනම් හෝ ඔබ කරන රැකියාව නිර්මාණශීලී අංශයකට අයත් නම් වෙනස් ආකාරයේ විලාසිතාවන්ගෙන් සැරසීමට ඔබට අවස්ථාව උදා වෙයි. විවිධ මෝස්තර සහිත ඇඳුම් ටී ෂර්ට් ඩෙනිම් වගේම මෝස්තර සහිත පාවහන් ආභරණ අත් බෑග් ආදී දේවල් ඔබට ඔබගේ සිත පියවන සේ විලාසිතාවට එකතු කරගත හැකියි.



Post a Comment

0 Comments