Subscribe Us

ආදරණිය අඹු සැමි සබදතාවයකට උපදෙස් හතරක්.

  


              යහපත් සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට නම් එහි ප්‍රධාන සාධකය වන්නේ එකිනෙකා අතර ඇතිවෙන යහපත් සන්නිවේදනයයි .


ජීවිතයට වැදගත් වන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම,

එකිනෙකා කියන, කතා කරන දේ පිළිබඳ ව සවන් දීමත් සහ අදහස් හුවමාරු කරගැනීමත්,

එම හුවමාරු කරගන්නා අදහස් වෙනුවෙන් ඔබ ඔබේ සහකරු හෝ සහකාරය සමගින් අනවශ්‍ය ලෙස වාද විවාද කරන්නට නොයන්නේ නම් සන්නිවේදනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට ඔබ දෙපලටම හැකිවනු ඇත.



ඔබගේ සහකරු හෝ සහකාරියක සමග පවතින සන්නිවේදනය කඩාකප්පල් වීමට හෝ විනාශ වීමට හේතුවන ක්‍රියාවන් හතරක් පෙන්වා දිය හැකියි.



1.සැමියා හෝ බිරිඳ ක්‍රියාත්මක කිරීමට යන යම් හොඳ වැඩකදී ඔබේ ස්ථාවරය.


යම් යම් අවස්ථාවන් වලදී පුද්ගලයෙකුට කිසියම් දෙයක් හෝ ක්‍රියාවක් පිළිබඳව ඔවුන්ගේ සිතට තදින්ම දැනෙන විට ඔවුන් හැඟීම් වලට යටත්වී ක්‍රියාවන් කරති. යම් කිසි ක්‍රියාවක් කිරීමට උත්සාහ කරන අතරතුර කෑගැසීම, දෝෂාරෝපණය කිරීම තුළින් සමස්ත අරමුණෙන් ඉවතට යෑම පමණක් නොව තවදුරටත් ඔහු හෝ ඇය සමග සංවාද කිරීමට අපහසුය .ඔබ යම් යම් දේවල් සාකච්ඡා කරන විටදී හෝ කතා කරන විටදී කෑගැසීම සහ ඉහළ පරාසයක් යුතුව වචන හැසිරවීම නොකළ යුතුය.





2.උදාසීන වීම ආක්‍රමණශීලී ක්‍රියාවන් සිදු කිරීම.


යම්කිසි අවස්ථාවක ඔබ විසින් කරනු ලැබූ හෝ ඔබ විසින් සිදු වූ වැරදි දෙයක් පිළිබඳව ස්වාමියා හෝ බිරිඳ විමසන අවස්ථාවන්හිදී ඔවුනට සත්‍ය වසන් කොට ඒ වෙනුවට ඔහුට හෝ ඇයට අපහාසාත්මක ලෙස කතා කිරීම තුලින් ඔහුගේ හෝ ඇයගේ ජීවිත උදාසීන මට්ටමකට වැටීමට ඉඩ තිබේ. යම්කිසි අවස්ථාවක විවෘත, නිවැරදිව අදහස් හුවමාරු කර ගැනීමෙන් දෙදෙනා අතර ඇතිවන පරතරය දුරස් නොවන අතර සිතෙහි ඇතිවන ආවේග ශීලිත්වය ගොඩනැගීමට ඇති හැකියාව ද අඩු වනු ඇත.







3. ඔබ නිශ්චිත මතයක සිට සැමියාට හෝ බිරිඳට ඔබ විසින් ලබා දෙනු ලබන විනිශ්චයන්.


ඔබගේ සිතේ හටගත්තා වූ සිතිවිලි හා සම්බන්ධ කරමින් ඔහුට හෝ ඇයට ඔබගේ විනිශ්චයන් සම්මත කිරීමෙන් වැළකිය යුතුයි. ඔබ විසින් ඉදිරිපත් කරන ලබන අදහස් ඔහුට හෝ ඇයට වැරදියැයි හැඟෙන අයුරින් ඉදිරිපත් කිරීමෙන් ද වැළකී සිටිය යුතුයි. මිනිසුන් වෙනස් වන බව පිළිගැනීම සුදුසුය. කෙනකු තව කෙනකු හා සමාන නොවන බව අවබෝධ කර ගැනීම වඩාත් බුද්ධිමත් හා පරිණත පුද්ගලයෙකු සතු ප්‍රධාන ලක්ෂණයකි. එබැවින් යම් කරුණක් කිරීමට හෝ කීමට උත්සහ කරන අතරතුර ඔබේ සහකරු හෝ සහකාරිය නිවැරදිව විනිශ්චය කොට නිවැරැදි නිගමනයකට නොපැමිණෙන්නේ නම් ඔබගේ සන්නිවේදන සම්බන්ධතාව බිඳ වැටීමට හේතු කාරණා සිදු වේවි.




4.සම්බන්ධතාවයෙහි සිදුවන වැරදි වැටහීම්, වචන හුවමාරු වීම්, වැනි බොහොමයක් දේ සඳහා සමාව ඉල්ලීම.


සමාව ඉල්ලීම මනුෂ්‍යකුගේ උසස් මනුෂ්‍ය ගුණාංගයකි.එනමුත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත යන කියමන පෙරදැරිව සමාව ඉල්ලීම ද ඕනෑවට වඩා වඩා ඕනෑම නැත. බොහෝමයක් සබඳතාවලදී තර්ක සිදු වන අවස්ථාවලදී එම තර්ක වෙනුවෙන් එකඟ නොවීම සාමාන්‍ය දෙයකි. කෙසේ නමුත් වැරදියට සිදුවන සෑම දෙයකටම වගකිවයුතු යැයි හැඟීම, ඒ ගැන වරදකාරී හැඟීම් ඇතිවීම ,අඩු ආත්ම විශ්වාසයක් ඇති වීම  තුළින් ඔබේ සහකරු හෝ සහකාරිය අහිමිවීමේ පෙරමඟ සලකුණු මතු කර විය හැකියි.බොහෝ ක්‍රියාවන් වෙනුවෙන් එහි වගකිවයුත්තා ඔබම යැයි සිතා ඒ වෙනුවෙන් ඕනෑවට වඩා සමාව ඉල්ලීම තුළින් නොදැනුවත්වම ඔබ ඔබේ සැමියාට හෝ බිරිඳට ඔහු නිවැරදි මම වැරදියි කියා සිතා ඔහුට හෝ ඇයට බලයක් ලබා දීම ද සිදුවිය හැකියි .