Subscribe Us

Android දුරකථන සදහා ගූගල් සමාගම විසින් ගෙන එන නවතම විශේෂාංග

 



Google සමාගම විසින් තමන්ගේ නවතම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන android 11 මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී. ඒ සමඟම Google සමාගම විසින් තම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පාරිභෝගිකයන් හට නවතම විශේෂාංග කිහිපයක් හදුන්වා දී තිබේ.

 

  1.  Google Assistant මෘදුකාංගය හරහා Apps විවෘත කිරීම.
        Google සමාගම විසින් ගූගල් ඇසිස්ටන් මෘදුකාංගය නිරතුරුවම යාවත්කාලීන කරන අතර Google Assistant පරිශීලකයින් හට ඉතා ඉහල මට්ටමේ සේවාවක් ලබා දීම සදහා නවතම අංග උපාංග සහ නවතම විශේෂාංග නිරතුරුවම ඇතුලත් කරනු ලැබේ.මෙම නවතම යාවත්කාලීන කිරීම් හරහා ඔබට ඕනෑම ඇප් එකක් ඕපන් කළ හැකි අතර ඕනෑම දෙයක් සොයා ගැනීමේ පහසුකමද පෙරට වඩා  කාර්යක්ෂමව ඉටුකරගත හැක.

  1. Google Duo හරහා දුරකථන Screen Sharing.


        ගූගල් සමාගම විසින් තමන්ගේ තවත් එක් Software එකක් වන ගූගල් Duo හරහා තම මිතුරන් පවුලේ ඥාතීන් අතර ඇතිවන වීඩියෝ කෝල් වල දී තම දුරකථන Screen Sharing කර ගැනීමට ඉඩ සලසා දී ඇත. මීට කලින් මෙම පහසුකම Google Meet සතුව තිබූ අතර Google Duo සදහා මෙම පහසුකම ලබා දී  තිබුණේ නැත. මීට අමතරව Google  සමාගම විසින්  Google Duo  සඳහා විකල්ප වීඩියෝ කෝල් පහසුකමක්  හදුන්වාදී ඇත. මෙම විශේෂාංගය වීඩියෝ කෝල් ලබා ගැනීමට අපහසු අවස්ථාවන්හි භාවිතා කළ හැක.

        3. phone app එක හරහා ස්පෑම් කෝල් අවහිර කිරීම.


අද කාලේ ගොඩක් අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි ස්පෑම් කෝල්. Google සමාගම විසින් තමන්ගේ නවතම විශේෂාංගයක් හරහා මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දී ඇත.  මෙමගින්  අනවශ්‍යය දුරකථන ඇමතුම් ස්වයංක්‍රීයව හඳුනාගෙන ඒවා නැවැත්වීම සහ අවහිර කිරීම සිදු කරයි. තවද ඇත්ත වශයෙන්ම ඔබට අමතන්නේ කවුද සහ කුමක් සඳහා ද යන වග මෙමගින්  ඔබට දන්වනු ඇත. මෙම නවතම විශේෂාංගය Android නමය හෝ ඊට පසුව නිකුත් උපාංගවල මනාව ක්‍රියාත්මක වේ.


4. වැඩිදියුණු කළ Sound Notifications

Google සමාගම විසින් සිය sound notification පද්ධතිය තුළ ඇති ශබ්ද දැනුම්දීමේ පද්ධතිය යාවත්කාලීන කර ඇත. මෙය ශ්‍රවණාබාධ ඇති පුද්ගලයින් හට වඩාත් උපකාරී   වේ. මෙය යෙදුම සක්‍රිය කළ පසු දුරකථනය විසින් දොරට තට්ටු කිරීමක්, ගින්නක් පිළිබඳ දැනුවත් කිරීමක් (Fire alarm) හෝ උපකරණ වලින් නිකුත් වන beep ශබ්දයන් හඳුනාගෙන දුරකථනයේ ඇති flashlight, vibration හරහා ඔබට දැනුම් දේ



05. කටහඬ භාවිතා කිරීමකින් තොරව Action Block හරහා සන්නිවේදනය කිරීම.


කටහඬ භාවිතා කිරීමකින් තොරව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පරිශීලකයන් හට තොරතුරු සන්නිවේදනය කර ගැනීමට පහසුකම ලබා දී ඇත..මෙමගින් ආබාධ සහිත පුද්ගලයන් හට සන්නිවේදනය කිරීමට පහසුකම් සලසයි. 




Post a Comment

0 Comments